IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


නැටුම් ගුරුවරියගේ අමුතු නැටුමෙන් විදුහල්පතිට යකා වැහිලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


නැටුම් කාමරයේ බෙරවලින්  නැටුම් ගුරුවරිය නටමින් සිටි අමුතුම නැටුම විදුහල්පතිගේ අතටම හසුව දැන් විදුහල්පතිගේ පදයට නටන පුවතක් කරන්දෙණිය පැත්තේ පාසලකින් අසන්නට ලැබේ.
නැටුම් කාමරයේ බෙර තිබෙන්නේ නැටුම් ඉගෙන ගන්නා සිසු, සිසුවියන්ට නටන්නය. නැතහොත් බෙර වාදන ඉගෙන ගන්නා සිසු, සිසුවියන්ට බෙර පද වාදනය කරන්නටය. ගුරුවරිය සිටියේ මේ දෙආකාරයම ළමයින්ට ඉගැන්වීමටය. මේ දෙකම කරන අතර මේ ගුරුවරිය නැටුම් කාමරයේ බෙරවලින් අමුතුම නැටුමක් නැටුවාය.


නැටුම් ගුරුවරියගේ මේ අමුතු නැටුම ගැන පාසල් පරිපාලන විදුහල්පතිවරයාට ද කනින්කොනින් දැන ගන්නට ලැබිණ. සිය නැටුම් කාමරයේ ඇති බෙර කැඩී ඇති නිසා ළමයින්ට නැටුම් ඉගැන්වීමට අපහසු බව නැටුම් ගුරුවරිය විදුහල්පතිවරයාට කියන්නේ මේ අතර වාරයේය. විදුහල්පතිවරයා ද ඒ සමගම නැටුම් කාමරයට යන්නේ එහි ඇත්ත නැත්ත බැලීමටය.
හා කොයි ඒවද කැඩිච්ච බෙර කෝවද හොඳ බෙර යැයි විදුහල්පතිවරයා නැටුම් ගුරුවරියගෙන් ඇසුවේය. ඇය කැඩිච්ච බෙරයයි කියූ බෙර තොගයකුත් හොඳ ඒවා කියූ තොගයකුත් විදුහල්පතිවරයාට පෙන්නුවේය. හා මිස් එහෙනම් කැඩිච්ච බෙර ටික හදන්න දෙන්නකෝ මම බිල ගෙවන්නම් යයි නැටුම් ගුරුවරියට කීවාය. පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය ගුරුවරිය පසු දිනම කැඩිච්ච බෙර හදන්න දෙන්නම් යයි විදුහල්පතිවරයාට කීවාය. දින ගණනාවකට පසු නැටුම් ගුරුවරිය යළිත් විදුහල්පති කාමරයට ආවාය. ඒ කැඩිච්ච බෙර තොගය සෑදූ බව කියන්නටය. 
ඒ සඳහා ගිය වියදම සහිත බිලක් ද සමගමය. බිල බැලූ විදුහල්පතිගේ කේන්තියේ බිලද ඉහළ ගියේය. කෝ බලන්න මිස් හැදූ බෙර ටික යයි විදුහල්පති ඇසූවිට ගුරුවරිය නැටුම් කාමරයට විදුහල්පති සමග ගොස් හැදුවා යයි කියන බෙර ටික ඔහුට පෙන්නුවාය. 
තමාට එදා නොකැඩුණු ඒවා යයි කියා පෙන්වූ බෙර තොගයත් සාදා ඇතැයි කියන බෙර ගොඩේය. ගුරුවරිය හොඳ බෙරත් කැඩුණු ගොඩට දමා හොඳ බෙර පදයක් නටා ඇති බව දුටු විදුහල්පතිවරයාට හොඳ හොඳ වන්නම් කටට ආවේය. ඒ වන්නම් කිය කියා විදුහල්පතිවරයා උඩට බිමට පනිමින් හොඳ නැටුමක් නැටුම් කාමරයේදී නැටුවේ මීට පස්සේ මේ වගේ නැටුම් නටා අසුවුණොතින් රැකියාවත් නැතිවේ යයි කියමින්ලු‍.



අදහස් (0)

නැටුම් ගුරුවරියගේ අමුතු නැටුමෙන් විදුහල්පතිට යකා වැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 341 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site