IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිරෝධායන මවට හොරෙන් පෙම්වතිය පුතාට සප්පායමේ

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
මවට කොරෝනා වසංගතය ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන ගිය අවස්ථාවේ සිට කෑම උයා පිහාගෙන කිලෝමීටර් හතරක් ඈතින් පිහිටි නිවසට දිනපතා පා ගමනින් ගොස් කෑම පර්සල් දෙක බැගින් නිරෝධායනය වෙමින් සිටි සිය පෙම්වතාට දී ඇතැයි කියන තරුණියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල නගරයට ආසන්න ගමකි. මෙම ගම්මානයේ පදිංචි සිව් දෙනෙකුගෙන් යුත් පවුලක පියා වසර තුනක පමණ කාලයක සිට විදේශ රටක රැකියාවක් කරයි. මව වරකාපොළ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක තත්ව පාලිකාවක් ලෙස සේවය කරන අතර වැඩිමල් දියණිය විවාහ වී කුරුණෑගල වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය. මෙම නිවසේ සිට ඇත්තේ ඇගළුම් සේවිකාවත් ඇගේ 24 හැවිරිදි පිරිමි දරුවත් පමණි. ඔහු රැකියාවක් අපේක්ෂාවෙන් නිවසට වී සිටියි.


මෙම 24 හැවිරිදි තරුණයා පාසල් යන එන අවදියේදී සිට කිලෝමීටර් හතරක් ඈතින් පදිංචිව සිටින ශිෂ්‍යාවක සමග සම්බන්ධකමක් ඇති කර ගත්තේය. මෙම සම්බන්ධතාවය පිළිබඳ තරුණියගේ මව්පියන් දැන ගත්ත ද ඊට විරුද්ධතාව ප්‍රකාශ කර නැත්තේ පවුලේ එකම පිරිමි දරුවා නිසාත් යමක් කමක් ඇති පවුලක් නිසාය. තරුණයාගේ මව්පියන් මේ සම්බන්ධතාවය සම්බන්ධයෙන්  කිසිවක් නොදන්නා බව වාර්තා වෙයි.


තරුණයාගේ මවට ඇගළුම් ආයතනයෙන් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව ඉකුත්දා කොරෝනා වසංගතය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි. පසුව ඇගළුම් සේවිකාව නේවාසිකව ප්‍රතිකාර සදහා කෑගල්ලේ පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත සෞඛ්‍ය බලධාරීන් විසින් යොමු කෙරිණ.


සිය මවට කොරෝනා වසංගතය ආසාදනය වී ඇති බවත් ඇය කෑගල්ලේ පිහිටි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවත්  ඇගළුම් ආයතනයේ බලධාරීන් ඇගළුම් සේවිකාවගේ නිවසේ පදිංචිව සිටින 23 හැවිරිදි පිරිමි දරුවාට දැන්වීය. පසුව සෞඛ්‍ය සේවකයෝ ඇගළුම් සේවිකාවගේ නිවසට ගොස් 23 හැවිරිදි තරුණයා ද සති දෙකක කාලයක් නිරෝධායනයට යොමු කෙරිණ.


පසුව තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ සිට කිලෝමීටර් හතරක් ඈතින් පදිංචිව සිටින පෙම්වතියට දුරකථනයෙන් ඇමතුමක් ගෙන කීවේය. පසුව තරුණිය තරුණයාට ප්‍රකාශ කර ඇත්තේ ‘‘හා කමක් නෑ මොනවා කරන්න ද බය වෙන්න එපා හෙට ඉදලා මම උයාගෙන ඔයාට බත් පාර්සල් දෙකක් ගෙනත් ගේට්ටුවේ එල්ලලා යන්නම් ඒක කාලා පරෙස්සමින් ඉන්න’’ යැයි ප්‍රකාශ කළාය.


තරුණිය සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන්ට දැන්වූවාය. ඔවුන් ද අනුකම්පා කළේය. එහිදී තරුණියගේ වැඩිමල් සහෝදරයා කියා සිටියේ ‘‘නංගි ඔයා හෙට උදේ උයලා දෙන්න මම බයික් එකෙන් ගිහිල්ලා ඉක්මනටම දීලා එන්නම්”‍ තරුණිය ඒ අවස්ථාවේ ඊට එකඟ වූවාය.


පසු දා තරුණිය උදේ නැගිට කෑම උයා පිහාගෙන කෙසෙල් කොළ දෙකක ඔතා මේසයේ කොණක තබා පෙම්වතාට රැගෙන යාමේ අරමුණින් අසල ළිදෙන් මූණ කට සෝදාගෙන ද පැමිණියාය. වැඩිමල් සහෝදරයා යතුරු පැදියෙන් කෑම පාර්සල් දෙක ගිහින් දීමට ඉල්ලා සිටියත් තරුණිය ඊට එකඟ නොවූවාය. ‘‘නංගි එහෙනම් අපි දෙන්නාම බයික් එකේ ගිහිල්ලා දීලා එමු”‍ යැයි යෝජනා කළ ද එය ද ප්‍රතික්ෂේප කළ තරුණිය කුඩයක් අරගෙන පයින් කිලෝමීටර් හතරක් ඈතින් පදිංචිව සිටින පෙම්වතාගේ නිවසට ගොස් ගෙට්ටුවේ කෑම පාර්සල් දෙක එල්ලා දුරකථන ඇමතුමක් දී යළි කිලෝමීටර් හතරක් නිවසට පැමිණ ඇතැයි වාර්තා වෙයි. 


මෙලෙස තරුණයාගේ මව සුව වී නිවසට පැමිණෙන තුරු සති දෙකක කාලයක් තරුණිය සිය පෙම්වතාට කෑම පාර්සල් දෙක බැගින් ගිහින් දී ආපසු නිවසට පැමිණ ඇති බවත් වාර්තා වෙයි.



අදහස් (2)

නිරෝධායන මවට හොරෙන් පෙම්වතිය පුතාට සප්පායමේ

Shen Monday, 05 July 2021 07:47 AM

මට මගේ පාසල් කාලය සිහි විය. හරිම සුන්දරයි. සුබ අනාගතයක්...

:       0       61

sampath Friday, 09 July 2021 03:52 PM

හොඳ පෙම්වතියක්... සුබ අනාගතයක්..!!! 

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site