IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නයෙක් එළියට දාලා හෙළුවැල්ල වහගෙන

හිඟු‍රානේ නවරත්න සමරතුංග 
නොසැලකිලිමත්ව සරම අඳින අයකුට වූ අබැද්දියක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනකු ඉදිරියේ ඔහු වියළි ‍කෙසෙල් පරඬැල්වලින් විලි වසාගෙන සිටි පුවතක් ගම් ප්‍රදේශයකින් වාර්තාවේ. 
විශාල උදරයකින් ‍හෙබි ඔහු තරමක් මිටි තරබාරු අයෙකි. ඒ ‍හේතුවෙන් බඩ මැදට වන්නට නිතරම සරම අඳියි. කිසි විටෙකවත් ඉනට පටියක් නොදැමූ ඔහු ඉතා බුරුලට අඳින සරම ඉතා සැහැල්ලු‍වෙන් ඉනේ දවටාගෙන ගෙවත්තේ සියලු‍ වැඩපළවලද නිරතවූවෙක් විය.
එදින ඔහු තම ගෙවත්තේ විවිධ වැඩපළවල නිරතව සිටි අතර කෙසෙල් පඳුරුවල එල්ලෙමින් තිබුණ වියළි පරඬැල් කපා දමන්නට විය. පසුව ඒවා එකතු කර ගිනි තැබීම සඳහා නුදුරු ස්ථානයකට ගෙන ගොස් දමමින් සිටියේය. 
ඒ අනුව කෙ‍සෙල් පරඬැල් විශාල ප්‍රමාණයේ මිටියක් දෑතින් බදා‍ගෙන යද්දී ඔහුගේ සරම ගිලිහී බිම වැටිණි. 
උපන් ඇඳු‍මෙන්ම ‍කෙසෙල් පරඬැල් ටික ඉස්සරහට ගෙන යමින් සිටියදී කාන්තාවන් දෙදෙනෙක් ඔහු සිටින ස්ථානය පසු කර යාමට එමින් සිටියහ. 


සරම ඇඳගැනීමට ආපසු යාමට නම් බඩබැඳගෙන සිටින කෙසෙල් පරඬැල් සියල්ල බිම දැමිය යුතුව ඇත. එවිට තමන් වස ලජ්ජාවකට පත් වන බව ‍තේරුම් ගත් ඔහුට තැනට සුදුසු නුවණක් පහළ විය. 
‘හා! හා! නංගිලා මේ පැත්තට එන්න එපා! ලොකු නයෙක් ආවා... ඔය හරියට ආපහු දුවන්න!! යැයි හඬනගා කෑ ගැසුවේය. 
එවිට කාන්තාවෝ ‍ ආපිට හැරී දිව ගියහ. ඉන් පසු ඔහු බිම වැටුණ සරම තිබුණ තැනට ‍ගොස් නැවත හැඳගත්තේ ඇති ඔයින් බේරුණා’ යැයි සිතමිනි. එහෙත් මෙම සිද්ධිය ඒ අසල ‍උක් ඉඩමක සිටි ‍අයකු දැක ඒ ගැන තම මිතුරන්ට පැවසුවේ සිනා සෙමිනි. 
ගමේ ගැටවුන් “මාමේ ඉඩමට නයා ආ‍වෙ නැද්දැ”යි ප්‍රශ්න කරද්දී ඔහු සුද්ද සිංහ‍ලෙන් පිළිතුරු දෙන්නේ කනේ ඇඟිලි ගසාගෙන යන්නටය. 



අදහස් (1)

නයෙක් එළියට දාලා හෙළුවැල්ල වහගෙන

පකෝරිස් Saturday, 09 December 2023 11:33 AM

ඔය සුද්ද සිංහලෙන් පිළිතුරු දෙන කෑල්ල හැම කතාවටම ලියන කොට බොරු මාට්ටු වෙනවානේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site