IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නාම යොජනා නොලැබී මළ පැනලා

පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා ගෙන යන්නැයි ඉල්ලූ අවස්ථාවේ ඒවා පුච්චා නළලේ අළු හා ගන්නා ලෙස මුද්‍රණාල හිමිකරුවාට පැවසූ අපේක්ෂා භංගත්වයට පත් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් ගම්පහ දිසාවේ කෙළවරක පිහිටි නගරයකින් වාර්තා විය.
 මැතිවරණය සඳහා ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයකින් නාම යෝජනා ලැබෙන බව කී කණ්ඩායම් නායකයා ලිපි ලේඛනවල අස්සන් ද ලබා ගත්තේය. නගරයේ නමේ මුල් අකුරින්ම කියවෙන ගමේ අපේක්ෂකයකු ලෙස නාම යෝජනා ලැබෙන බව දැනගත් ඔහු නගරයේ මුද්‍රණාලයකට ගියේ අත් පත්‍රිකා මුද්‍රණය කර ගැනීම සඳහා සඳහාය. කලක් තිස්සේ ගම නියෝජනය කළ දේශපාලකයකුගේ සහතිකය දුරකතන පණිවඩයක් මගින් ලබාදීමට ඔහු කටයුතු කරනු ලැබුවේ  විශ්වාසය ඇති කර ගනු පිණිසය. රුපියල් දහසය දහසක ඇණුමක්  ලබාදුන් ඔහු සුළු මුදලක් අත්තිකාරම් ලෙස ගෙවීය.


අත් පත්‍රිකා ඉක්මනින් අවශ්‍ය බව කී හෙතෙම ඉතිරි මුදල ඉක්මනින් ගෙවන බවට පොරොන්දු වූයේය. පත්‍රිකා මුද්‍රණය කරනු ලැබීය. නාම යෝජනා  ලබාදීමෙන් පසුව ඔහු පත්‍රිකා  ගෙන යාමට ආවේ නැත. ඒ නිසා මුද්‍රණාලයෙන් ඔහුට ඇමතුම් පිට ඇමතුම් දෙමින් ගනුදෙනුව අවසන් කරන ලෙසට ඉල්ලීය.
මගේ නම අපේක්ෂක නාම ලේඛනයට දාලා නැහැ. දැන් මට කරන්න දෙයක් නැහැ. බලාපොරොත්තු සුන් වූ ඔහු කීය. සම්පූර්ණ  මුදල වෙනුවට ගිය වියදම පමණක් පියවන ලෙස ද ඉල්ලීමක් ඉදිරිපත් වූයේ සාධාරණයක් කරන්නටය. විවිධ පිළිතුරු දෙමින් කල් ගත කළ ඔහු  අන්තිමේ මුද්‍රණාල හිමිකරුට  ගෝරනාඩු කළේය.
ඡන්දෙකුත් නැතිව ඕවා මම අරගෙන ඇවිත් මොනවා කරන්නද?. පුච්චලා නළලේ අළු ගා ගනින්, ඔහු පැවසීමත් සමඟ හොඳ දෙක තුනක් ඔහුට ද අසා ගන්නට ලැබිණි.    

 මීරිගම වි​ෙශ්ෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි



අදහස් (0)

නාම යොජනා නොලැබී මළ පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site