IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


නොමිලේ කන්න ගිහින් අනුන්ගේ ‘දඩ කොළයක්’ අතට ඇවිත්

  • හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන


ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක බිල්පත කඩිනමින් ලබාදීම සඳහා කොන්ත්‍රාත්කරුගේ යහළුවන් ​ කිහිපදෙනකු සමග අවන්හලකට ගොස් මත්පැන් සාදයක පහස ලබාගත් තාක්ෂණ නිලධාරියකුට අමුතුම තාලේ දඬුවමක් ලැබීමේ කතාවක් දකුණු පළාතේ ප්‍රදේශයකින් වාර්තා වේ.

වසරකට පමණ පෙර ඉදිකිරීම් නිමකළ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක බිල්පත් පසුගිය කාලයේ ජනතාවට සේවය කරන කාර්යාලයට ලැබී තිබුණි. 

කුමන හෝ කාර්යයක් ඉටුකර ගැනීමට යාමේ දී පැය කිහිපයක් නිකරුණේ කාලය ගතකිරීමට සිදුවීම නිසා මෙම කාර්යාලය පිළිබඳව ද ඇත්තේ අප්‍රසාදයකි. කොන්ත්‍රාත්කරුවන් අතර දැඩි ජනප්‍රියත්වයකට හිමිකම් කියන මෙම කාර්යාලයේ සේවය කරන තාක්ෂණ නිලධාරියා ඉදිකිරීම් සිදුකර අවස්ථාවල දී සැලසුම් සහ ඇස්තමේන්තුගත තොරතුරු සිත් සේ වෙනස් කිරීම පිළිබඳව ද ප්‍රකට පුද්ගලයකු බව ද පැවසේ.

වසරකට වැඩි කාලයක් බිල්පත් ලැබීම් ප්‍රමාද වීම නිසා කනස්සල්ලෙන් සිටි කොන්ත්‍රාත්කරු මුදල් ලැබී ඇති බව දැනගත් විගස කාර්යාලයට ගියේය. මුදල් ගෙවීමට නැවත ඉදිකිරීම් පරීක්ෂා කළ යුතු බව නිලධාරියා පැවසීම නිසා කොන්ත්‍රාත්කරුගේ ඉහමොළ රත්විය. රැඳවුම් කාල සීමාව ද ඉක්මවා ගොස් ඇති ඉදිකිරීම්වල ඇතැම් ස්ථාන කැලයෙන් ද වැසී ගොස් තිබුණි. 

තාක්ෂණික නිලධාරියා සමග සාකච්ඡා කරගත් පරිදි ඉදිකිරීම් පරීක්ෂා කිරීමට දිනයක් ද යොදා ගත්තේය. ඒ අතර තුර රහස් කුමන්ත්‍රණයක් ද විය. දින දෙක තුනකට පසු රැඳවුම් මුදල් සඳහා ලැබිය යුතු චෙක්පත් ලියමින් සිටින බව මිතුරකුගේ මාර්ගයෙන් කොන්ත්‍රාත්කරුට දැන ගන්නට සැලවිය. ඉදිකිරීම් පරීක්ෂා කිරීමේ දිනය උදාවූ අතර තාක්ෂණ නිලධාරියා කොන්ත්‍රාත්කරුගේ හිතවතුන් කිහිපදෙනකු සමග එම කාර්යය සඳහා පිටව ගියේය. 

එහෙන් මෙහෙන් පරීක්ෂා කිරීම් කීපයකින් පසු දිවා ආහාරය ලබා ගැනීමට පිරිස නගරයේ ඇති අවන්හලකට ගොඩවූහ. රසුමුසු කෑම සහ ඇඟ රත්කරවන බීම වලින් සපිරි දිවා භෝජනය සියල්ලෝම සතුටින් බුක්ති වින්දහ.

කොන්ත්‍රාත්කරුගේ යහළුවෝ දුම්පානය සඳහා යැයි පවසා එම ස්ථානයෙන් මදක් ඉවතට ගියහ. දුම්පානය සඳහා පිටව ගිය පිරිස ප්‍රමාද වීම ගැන විපරම්කර බැලීමට ගියේ කොන්ත්‍රාත්කරුය. ඔහු ද ඒමට පමා විය. ආහාර ගැනීම නිමවනවාත් සමග රුපියල් දහඅට දහසක පමණ බිල්පතක් අවන්හල් සේවකයෙක් තාක්ෂණ නිලධාරියාට ගෙනවිත් දුන්නේය. කොන්ත්‍රාත්කරුගේ උගුලකට තමන් අසුවී ඇති බව අවබෝධ වන විට සියල්ල සිදුවී තිබුණි.

කාර්යාලයේ මිතුරකුට කතාකර මුදල් ගෙන්වා ගෙන බිල්පත ගෙවා දමා නිලධාරියා එම ස්ථානයෙන් පිටව ගියේ යක්ෂාරූඩ වෙමිනි. මිතුරාගේ මාර්ගයෙන් කාර්යාලයට ද සිද්ධිය ආරංචි විය. මිතුරන් උසුළු විසුළු කිරීම නිසා තාවකාලික ස්ථාන මාරුවීමක් ලබාගෙන ඔහු වැඩිකල් නොයාම වෙනත් කාර්යාලයකට ගියේ බේරුමක් නැතිකමටය.

 



අදහස් (0)

නොමිලේ කන්න ගිහින් අනුන්ගේ ‘දඩ කොළයක්’ අතට ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 645 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17679 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site