වියලුව වාර්තාකරු
දියවැඩියාව ඇතුළු නිදන්ගත රෝග කීපයකින් පෙළෙන සිය පියාට රජයේ රෝහලින් නොමිලයේ ලැබෙන බෙහෙත් ගෙනගොස් දී ඒවා පෞද්ගලික ඔසු සලකින් මිල දී ගත් බව හඟවමින් ඔහුගේ පින් පඩියට තට්ටු කළ දියණියක් පිළිබඳව පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු දියවැඩියාව ඇතුළු නිදන්ගත රෝග කීපයකින් පෙළෙන වයෝවෘද්ධ පුද්ගලයෙකි.
දරුවන් හත්, අටදෙනෙකු හදා වඩා උස්මහත් කළ ද බොහෝ දෙනකු ඔහු මඟ හැර ගොසිනි. සෙසු පිරිසට ද ඔහුට සලකන්නට තරම් වත්කමක් නොතිබිණි.
ඒ නිසාම ඔහුට ජීවත් වන්නට සිදුව තිබුණේ රජයෙන් ලැබෙන සොච්චම් පින් පඩියක ආධාරයෙනි.
ඒ අතරතුර ඔහුට නිදන්ගත රෝග කීපයක්ම වැළඳුණු අතර ගමේ රෝහලේ සායනයට පැමිණ මාසිකව බෙහෙත් ලබා ගන්නට ද සිදුව තිබිණි.
කල්යත්ම මාසිකව ලැබෙන බෙහෙත් ටික ගෙනවිත් දීමට ඔහු සිය දියණියට පැවරුවේ මහ මඟ යන්නට තරම් දෙපා වාරු නැති බව ඇයට පවසමිනි.
සෑම මසකම රෝහලට පැමිණ සායනයෙන් බෙහෙත් ටික ලබා ගන්නා ඇය ඉන් අනතුරුව තැපැල් කන්තෝරුව වෙත ගොස් සිය පියාගේ පින් පඩිය ද ගන්නට ද පුරුදු වී සිටියාය.
රජයේ රෝහලෙන් ලැබෙන සිය පියාගේ බෙහෙත් මල්ලත් රැගෙන පියා බැහැ දකින ඇය සිය පියාට පවසා ඇත්තේ කිසිදු බෙහෙතක් රෝහලේ නොමැති අතර සියලු බෙහෙත් විශාල මුදලක් ගෙවා නගරයේ ඔසු සලෙන් තමුන්ට මිලදී ගන්නට සිදු වූ බවකි.
ඒ සඳහා යම් තරමකට හෝ සහනයක් ලෙස පියාගේ පින් පඩිය තමා වියදමට ගත් බවද ඇය පැවසුවාය.
පසුගිය දිනක ඇයට සායනය වෙත යෑමට නොහැකි වූ අතර එම කාර්යය පැවරුණේ ඔහුගේම ලේලියටය. මේ කිසිත් නොදත් ලේලිය සුපුරුදු ලෙස සායනයට ගොස් රජයේ රෝහලින් නොමිලයේ ලැබෙන බෙහෙත් මල්ල ගෙනැවිත් මොහු අත තැබූයේ ඔහු පුදුමයට පත් කරවමිනි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නොමිලයේ දෙන බේත් කඩෙන් අරන්: දුව පියාගේ පින් පඩියට තට්ටු කරලා