කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
නෝනාගේ ජන්ම දිනය දා ඇය පුදුම කරවන්න විදෙස් රටක සිට නොදන්වා පැමිණි සැමියෙකුට පුදුම වෙන්න සිදුවූ පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ඔහුගේ පණ නෝනාය. ඒ නිසාම දෝ නෝනාට යම්කිසි දොසක් කවුරුවත් කියනවාටවත් ඔහු කැමති නොවීය. නෝනා මෙරට තනිකර විදෙස් ගතවූයේද ඇයට සැපදෙන්නය. විදෙස් රටක සිටියද ඔහු ඉඩක් ලද විගස ඇයට දුරකතන ඇමතුම් දෙන්නේය. කිසිම ලෝභකමක් නැතිව ඇය ඉල්ලන ඉල්ලන දේ ගැනීමට මුදල් යහමින් එව්වේය. ඊට සමගාමීව ඇගේ මුවින්ද ගලා ගිය ආදර වදන්ද බොහෝය.
ඒ ආදර බස් හමුවේි ඔහු තව තවත් ඇය ඉල්ලන ඉල්ලන දේ ගැනීමට මුදල් එව්වේය. ඇත්තටම මෙවැනි භාර්යාවක් ලැබුණේ තමාගේ පෙර පිනකට යයි ඔහු සිතුවේය. ඔහු සේවය කරන රටේ මිතුරන්ට ද එය කීවේය. ඔහු උදේට නැගිට්ටේත් රාත්‍රියේ නින්දට ගියේත් කාමරයේ මේසය මත තබා තිබූ ඇයගේ ඡායාරූපය බල බලාය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ඔහු විදෙස්ගතවී වසරක් ගතවූවේය. එය ඔහුට නම් කල්ප කාලයකි. භාර්යාවට නම් සුළු කාලයකි. වසරකින් ඔහුට කෙටි නිවාඩුවක් ගැනීමට සේවය කරන ආයතනයෙන් අවසර ලැබී තිබුණත් ඔහු ඇයට ඒ ගැන කටේ කෙළ බිඳක් බිම නොහැලුවේය. ඒ එක හේතුවක් නිසාය. ළග ළග එන භාර්යාවගේ උපන්දිනය නිසාය. එදාට ලංකාවට ගොස් ඇය පුදුම කරන්නටය. ඇයගෙන් වැඩි වැඩියෙන් ආදරය ලබා ගෙන කෙටි නිවාඩුව ප්‍රීතියෙන් ගත කිරීමටය.
එදා උදේ ඔහු සිය නිවසට ආවේය. නිවසේ ගේට්ටුව වසාය. ගේට්ටුව ළග සිටම ඔහු ජංගම දුරකතනයෙන් ඇයට සුබ පැතීය. තොදොල් වෙමින් ඇය කීවේ තමා මතක්වුණේ දැන්දැයි ඇසුවාය. ඇයගේ කඩහඬ ඉතාම සිහින්ය. ඔහු සිතුවේ ඇය අසනීපයකින් පෙළෙනු ඇතැයි සිතාය. තවත් ඇය රිදවීමට හොඳ නැතැයි සිතු ඔහු කීවේ තමා ඉන්නේ නිවසේ ගේට්ටුව ළග බවය. ඔහු සිතුවේ ඇය කඩා පැනගෙනවිත් තබා සිප වැලඳ ගනීවී යයි සිතාය. ඇය එන්න පරක්කුය. ඔහුම ගේට්ටුව විවෘත කරගෙන නිවස දෙසට පිය නැගීය.
නිවසේ දොරකඩ පිරිමියෙකුගේ පාවහන් යුගලක්ය. ඔහුගේ හෘදයේ ලබ් ඩබ් ශබ්දය වැඩිවිය. ඉදිරිපස දොර ඇරෙනු වෙනුවට නිවසේ පිටුපස දොර ඇරෙනු ඇසුනේය. ඒ එක්කම නෝනා නිවසේ ඉදිරිපස දොර ඇරගෙන ආවාය. කෙස් වැටිය අවුල්ය. රාත්‍රි නිදන ඇඳුම පිටින්ය. මුහුණ රතු වෙලාය. නිදන කාමරයේ සයනයද අවුල්ය. සිදුවූ දේ තේරුම් ගිය ඔහු ඇයට තඩි නොබා ගියේ පොලීසියටලු.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
නෝනා පුදුම කරන්න ඇවිත් පොලිසිත් යන්නවෙලා
Lalla Wednesday, 11 December 2024 05:42 PM
බැඳලා එකට ජීවත්වෙන්න බැරි නම් විවාහ කල් දැමීම අත්‍යාවශ්‍ය කරුණක්. දන්න බොහෝ තරුණ පවුල් මේ ප්‍රශ්න නිසා අවුල් වුනා. දෙන්නම කරදරේ වැටෙනවා.