කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ එක්තරා ගමක ඉතාම සුළු පිරිසක් පමණක් දන්නා ඉතාම මෑතක අපූරු සිදුවීමකි මේ.
ඔහු විශ්‍රාමික හමුදා සෙබළෙකි. තරමක වත්කමක්ද ඔහු සතුව තිබිණි. ඔහුගේ බිරිය ඉඳහිට දේව ආරූඪයෙන් මායම් වන තැනැත්තියකි.
එක්තරා දිනක, ඇය දේව ආරූඪයෙන් පවසා ඇත්තේ, ඔවුන් පදිංචිව සිටින ඉඩමේ කොනක නිධානයක් ඇති බවත්, ඒ තුළ නිල් මැණික් ගල් තිබෙන බවත්ය. නිල් මැණික්වලට ලොබ බැඳි ඔහු, මාතර ප්‍රදේශයේ කට්ටඩියන් දෙදෙනකු කැඳවා රහසිගතව තම ගෙවත්තේ නිධානය ගොඩදා ගැනීමට සැලසුම් සකස් කළේය.
රාත්‍රී කාලවලදී එම මෙහෙයුම සාර්ථකව සිදුකළ කට්ටඩියෝ දෙදෙනා නිධානයෙන් මැණික් ගල් තුනක් ගොඩට අරගෙන මේවා කෝටි ගාණක් වටිනා බවත්, ඒවා උරුම කාරයා ගෙවත්ත හිමිකරුවන ඔබ බවත් නිහතමානීව පැවසූහ. එම මැණික් ගල් අලෙවිකර මුදල් ලබාගන්නා ලෙසටත් උපදෙස් දී කට්ටඩියන්ගේ කුලිය වශයෙන් රුපියල් ලක්ෂ 25ක් පමණක් ලබාදෙන ලෙසට දැන්වූහ.
නිම් හිම් නැති සතුටෙන් ඉපිල ගිය විශ්‍රාමිකයා, මැණික් ගල් තුන නිවසේ සඟවා බැංකුවට දිවගොස්, ඇසුරු සැනින් රුපියල් ලක්ෂ 25ක් රැගෙන කට්ටඩියන්ට මුව නොසෑහෙන සේ ස්තුති කර, ආචාරකොට, රුපියල් ලක්ෂ 25ක් ඔවුන්ගේ දෝත මත තැබුවේය.
කට්ටඩියන් දෙදෙනා සමුගෙන ගිය පසු මැණික් ගල් හිමිකරුවා ඒවා අලෙවි කර ගැනීමට ඔහු දන්නා හඳුනන ව්‍යාපාරිකයන් කීප දෙනකු හමුවී ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ, එම මැණික් ගල් ව්‍යාජ ඒවා බවය.
වහාම කට්ටඩියන්ට මේ බව දැනුම් දුන් පසු ඔවුන් පවසා ඇත්තේ මෙසේය.
‘අනේ අයියේ අපට ලොකු වැරදීමක් වුණා. අපට බහිරවයා ලෙහන්න බැරිවුණානේ. ඒකා තවම ගහේ බැඳලා හිර කරපු ගමන් බහිරවයා හිර කරගෙන ඉන්න නිසා තමයි ඕවා බොරු මැණික් ගල් කියලා පෙන්නන්නේ. මේක ටිකක් බරපතළ වැඩක්. ලක්ෂ පහක් විතර වැය කරන්න පුළුවන් නම් අපට බහිරවයා ලෙහා දාන්න පුළුවන්’’
ඒ අනුව නැවතත් ඔවුන්ගේ ගිණුම්වලට රුපියල් ලක්ෂ පහක් ඔහු විසින් බැර කර ඇත. එහෙත් ඒවා බොරු මැණික් ගල් බවට දැන ගන්නා විට ඔහු රුපියල් ලක්ෂ තිහක් දන්දී හමාරය.
මේ කතාව දැන් ගමේ කීප දෙනකු දන්නා බව ඔහුට හැඟී ගොස් ඇති නිසා තමා සහ තම බිරිඳ පමණක් දැනගෙන සිටි මේ ‘‘සතර කන් මන්ත්‍රණය’’ ගමේ උදවිය දැනගත්තේ බිරියගේ කටින්ම බවට අනුමාන කළේය. මේ නිසා ඔහු උඹේ කටේ හොරි දාන්න ඕනෑ යැයි කියමින් බිරිඳට උදේ හවස දෙස් දෙවොල් තබනවාලු.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නෝනා ආවේස වෙලා මහත්තයාගේ ලක්ෂ තිහක් ගිලලා