IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



 ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
හේ සිය යතුරු පැදියේ නෝනාට වඩා දමාගෙන ගියේ තම හිතවතිය. නෝනා ඉතා අහිංසකය. සිය සැමියා කියන ඕනෑම දෙයක් ගෙඩි පිටින් ගිල ගන්නීය. එය ඔහුගේ අනිසිවැඩවලට විශාල රුකුලකි. විශේෂයෙන්ම ඔහුගේ ප්‍රේමයට ඉතා විශාල වාසියකි.
එදා නෝනා ඔහුට යතුරු පැදිය රැගෙන එන ලෙස දැන්වූවේ හදිසි කටයුත්තක් සඳහාය. ඒ තරම්ම එය හදිස්සියකි. එහෙත් ඔහු කීවේ ඔහුට ඊටත් වඩා හදිසි රාජකාරියක් ඇති බවය. නෝනා එය වෙනදා මෙන්ම ගෙඩිය පිටින් ගිල්ලාය. ඇය තමාගේ හදිසි ගමන ත්‍රිරෝද රථයකින් යමින් සිටියාය. ඒ යන අතරමග ඔහු සිය හිතවතිය සිය යතුරු පැදියේ දමාගෙන යමින් සිටියේය.


නෝනාගේ දෙනෙතට මෙය දර්ශනය වූවාය. ත්‍රිරෝද රථ රියදුරුට ඇය කීවේ ඉස්සරහින් යන යතුරු පැදියට ඉස්සර කර නතර කරන ලෙසය. කුලිය වැඩියෙන් දෙන්නම් යයි ඇය කී නිසාම ත්‍රිරෝද රථ රියදුරු වැඩේ නියමෙටම කළේය. යතුරු පැදියට ඉස්සරහින් ත්‍රිරෝද රථය නතර කෙරිණ.
 යතුරු පැදිකරුට සිතන්නටවත් ඉඩක් නොතිබිණ. ත්‍රිරෝද රථයෙන් බැසගත් නෝනා ඔහුටත් ඔහුගේ හිතවතියටත් කුඩයක් කැඩෙන තෙක්ම නෙලු‍වේ මහ හයියෙන් කෑගසමින්ය. යතුරු පැදිය මහ මග දමා ඔහු දිව ගියේ පණ එපා කියමිනි. දිව යාමට නොහැකිවූ හිතවතියට ඇය නෙලු‍වේ සියලු‍ම කේන්තිය ඇය පිටින් යවමිනි. අහල පහල අය පැමිණ ඇය බේරා ගන්නාවිටත් හිතවතියගේ කම්මුල් රතුවී කටින් ලේ ගලමින් තිබුණාය. හීන් සැරය ඔක්කෝටම හපන් යයි කීවේ ඔහුගේ නෝනාගේ මේ වෙනස තේරුම් ගත් ඇතැම් අයය.



අදහස් (0)

නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site