IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නොනිදා හීනයක් දැක්කට රු. 1500 කට තට්ටු වෙලා

නිවාඩු දිනක පුද්ගලික ආරක්‍ෂක නිලධාරීන් කිහිපදෙනෙක් සතුටු සාමිචියේ යෙදී සිටියහ. අයෙක් කථා කරමින් “අපේ ගමේ ගෙදරකට නයෙක් එනවා. ගෙදර පොඩි ළමයෙකුත් ඉන්නවා. එයා බත් කන්නේ පිඟාන බිම තියාගෙනයි. නයා පිඟාන ළඟට ඇවිල්ලා, ළමයා කෑම කන හැටි බලන් ඉඳලා යනවා. ගෙදර අයට කිසි කරදරයක් කරන්නේ නැහැ. ගෙදර අයගෙනුත් නයාට කරදරයක් නැහැ”. යැයි පැවසීය. 


එවිට තවත් තරුණ ආරක්‍ෂක නිලධාරියෙක්, “ඊයේ රෑ මම පුදුම හීනයක් දැක්කා. ආණ්ඩුවේ තරුණ ඇමති කෙනෙක් (නම පවසයි) ටච් ෆෝන් දෙකක් ගෙනල්ලා, එකක් මට දීලා කිව්වා, ‘ඔයාගේ ෆෝන් එක පරණයිනේ, මේක ගන්න කියලා’. අළුත්ම ෆෝන් එක ආශාවේ බැහැ” යැයි කීය. එතැනට පැමිණි සංචාරක නිලධාරියාට කථාව ඇසිණි. “නාලක ඔයා ඊයේ රෑ ඩියුටිද? ඔහු විමසීය. “ඔව් සර්” ආරක්‍ෂක නිලධාරියා පිළිතුරු දුන්නේය. “ඔයා ඊයේ රෑ ඩියුටි නම් කොහොමද නිදා ගත්තේ”. සංචාරක නිලධාරියා ඇසූ විට, “මම නිදා ගත්තේ නැහැ සර්” ආරක්‍ෂක නිලධාරියා පැවසීය. “නිදාගත්තේ නැත්නම් කොහොමද අර හීනේ දැක්කේ?” ඇසූ සංචාරක නිලධාරියා නිදිය ගත්තාට පඩියෙන් රුපියල් එක්දාස් පන්සීයක් කපනවා” යැයි පවසා පිටව ගියේ සන්තෝෂයෙනි. ඔහුගේ සතුටට හේතුව, දඩ වශයෙන් අය කරන මුදලින් සීයට විසි පහක් ඔහුට හිමිවීමය. අගනුවරදී අසන්නට ලැබිණි.    

                



අදහස් (0)

නොනිදා හීනයක් දැක්කට රු. 1500 කට තට්ටු වෙලා

රිෂාඩ් Saturday, 05 March 2016 10:16 PM

මාලුවා නහින්නේ කට නිසාලු (නි)

:       0       0

නන්දලාල් Thursday, 03 March 2016 09:17 AM

පුදුම වැඩක් නේ මේක !!! දැන් කාලේ හීනයක් දැක්කත් දඩයක් ගෙවන්න වෙනවා. (හේ)

:       0       0

චතුර Thursday, 03 March 2016 08:01 PM

ඇමති කෙනෙක් අපිට ෆෝන් 1ක් දුන්නා කිව්වොත් ඉතින් ඒක හීනයක්ම තමයි (නි)

:       0       0

වෙලගෙදර Friday, 04 March 2016 01:17 AM

අයියෝ කරගත් දේ! (නි)

:       0       0

ආනන්ද Friday, 04 March 2016 08:50 AM

මේ පුවතත් මටනම් හීනයක් කියලයි හිතෙන්නේ. (හේ)

:       0       0

බමුණු ආරච්චි Sunday, 06 March 2016 10:10 PM

ඇයි බොලේ සිහින දකින්න නිදියන්නම ඕනෑද? අපි ඇස් ඇරගෙන අනාගතය ගැන කොපමණ හීන දකිනවද? 2015 ජනවාරි මාසේ මැව්ව හීන දැන් ඔකොම හීන වෙලා. (නි)

:       0       0

බන්දුල Monday, 07 March 2016 12:07 AM

මම පොඩි කාලෙ අපේ ඉස්කෝලේ බිඳුණු උළු හදන්න බාස් උන්නැහේ ආවහම රෑට මුරකරන සීයා කිව්වා "අනේ පුතේ මම රෑට නිදාගන්න තැන තෙමෙනවා ඒකත් හදලා දෙන්න කියලා" (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 05 March 2016 05:43 PM

නොනිදා හීන දැක්කට දඩය 1500යි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site