(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
දකුණු පළාතේ කඳුකර ගම්මානයකි. දාඩිය මහන්සියෙන් ජීවත්වන ගොවි පවුලකි. මෙතෙක් කලක් වාසය කළ පැරැණි නිවෙස වෙනුවට ඔවුහු නව නිවෙසක් ඉදිකළහ. ගෙට ගෙවැදීම නිමිත්තෙන් පසුගියදා එහි දානමය පින්කමක්ද සිදුකෙරිණි. දානමය පින්කමෙන් පසුව දිවා ආහාර සඳහා නැදෑ හිතවතුන් විශාල පිරිසක්ද පැමිණ සිටියහ.

මෙම උත්සව අවස්ථාවට අවශ්‍ය සියලුම ආහාර පාන බඩුමුට්ටු කල්වෙලා ඇතිව ගෙනවිත් නිවෙසේ ගබඩා කර තැබිණි. කෙසේ වෙතත් අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා ගෙන එන ලද අයිස්ක්‍රීම් ලීටර 10ක් පමණ අඩංගු භාජන දෙක ගබඩා කර ගැනීමට ශීතකරණයක් නොතිබූ බැවින් නිවෙසට ආසන්න නිවෙසක ශීතකරණයක අයිස්ක්‍රීම් භාජන දෙක තැබීමට හැකිවිය.
දානමය පුණ්යකර්මයෙන් පසුව නැදෑ හිතවතුන්ට දිවා ආහාරය සඳහා ආරාධනා කෙරිණ. ඒ අතර තරුණයන් දෙදෙනකු අසල්වැසි නිවෙසට ගියේ අයිස්ක්‍රීම් භාජන දෙක ගෙන ඒම සඳහාය. ඔවුන් එම නිවෙසට යනවිට එහි දොර වසා තිබිණි. ‘නැන්දේ නැන්දේ’ කියමින් ජනෙල් දොරවල්වලට තට්ටු කළ ද ඊට ප්‍රතිචාරයක් නොලද නිසා ඔවුහු සිද්ධිය සැලකළහ. නිවෙසේ අයට දෙවියන් සිහි විය.
ගෘහ මූලික කාන්තාව හිස ගිනි ගත්තියක මෙන් නොසන්සුන් වුවාය. අසල්වැසි කාන්තාවට වහාම ඇමතුමක් ගෙන “කොහේද නංගියේ උඹ ගියේ මම දැන් අයිස් ක්‍රීම් ටික ගන්නෙ කොහොමයි” නෝක්කාඩු ස්වරූපයෙන් ඇසුවාය. ඒ වනවිටත් ඇය සිටියේ කිලෝමීටර් තිහ හතළිහක් ඈතිනි.
“අනේ බුදු අක්කේ මට ඒ හාන්කවිසියක් මතක නැතිවුණා. ලොකු කෙල්ලගේ ගෙදර කරදරයක් කියල උදේම කෝල් එකක් ආවා. මම දැන් මේ එහේ යන ගමන්’ ඇය කීවාය.
ගොවි ගෙදරක් වූ බැවින් කෙසෙල් කැන්ද යහමින් ඉදවා තිබූ නිසා අතුරුපසට අයිස්ක්‍රීම් වෙනුවට කෙසෙල් ගෙඩි ලබාදී ජාම බේරා ගැනීමට හැකිවුවත් සිදුවූ අකරතැබ්ය පිළිබඳව ගෘහ මූලික කාන්තාව සිටියේ බලවත් සිත් වේදනාවකි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
නැන්දා ලොකු කෙල්ලගෙ ගෙදර ගිහින්: කෙසෙල් ගෙඩියෙන් වැඬේ ෂේප්