IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නින්ද ගිහින් අතින් තට්ටු වෙලා

හෝමාගම - ප්‍රියන්ත ජයලත්


පුද්ගලයකුට බස් රථයේදී නින්ද යාම හේතුවෙන් වැඩිපුර කිලෝමීටර් 15ක් ගොස් නැවත රුපියල් 100ක් ගෙවා වෙනත් බස් රථයකින් නිවෙසට යාමට සිදුවීමේ සිද්ධියක් හංවැල්ල තුන්නාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
නුගේගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කරන මෙම පුද්ගලයා සේවය නිමා වී නිවෙසට යාම සඳහා සවස තුනට පමණ නුගේගොඩ ගුවන් පාලම අසලින් අවිස්සාවේල්ල බස් රථයකට ගොඩ වී ඇත. බස් රථයට නැග මුදල් ගෙවා කොන්දොස්තර මහතාගෙන් තුන්නානට ටිකට්පතක් ලබාගෙන ඇත. බස් රථයේ ඉඳගෙන යාමට අසුනක් නොමැති නිසා ටික දුරක් හිටගෙන යන්නට සිදු වී ඇත. 


එසේ ටික දුරක් යන විට ඉඳගැනීමට අසුනක් ලැබී ඇත. ඒ අනුව ඔහු එම අසුනේ වාඩි වී ටික වෙලාවක් යන විට ඔහුට තදින්ම නින්ද ගිහින් ඇත. එසේ ටික වේලාවක් ගිහින් නින්දෙන් ඇහැරී වටපිට බලන විට රේල් පාරක් දැක ඇත. ඔහු තිගැස්සී නැගිට ඇස් දෙක පිසදාගෙන මාර්ගය දෙපස තිබෙන වෙළෙඳසලක නාමපුවරුවක් බලා ඇත. එම අවස්ථාවේ ඔහුට දෙයියෝ සිහි වී ඇත. 
ඒ වන විට ඔහු නියමිත බස් නැවතුම්පොළ පසු කර කිලෝමීටර් 15ක් පමණ දුර ඇවිත් ඇති බවට ඔහුට වැටහිණි. ඉක්මනින්ම බස් රථයෙන් බැස මාර්ගයේ අනෙක් පසට මාරු වී නැවත පිටකොටුව බලා එන බස් රථයක නැග රුපියල් 100ක ටිකට්පතක් ලබාගෙන නිවෙසට පැමිණ ඇති අතර, නිවෙසට එන විට සවස 5.30 පමණ වී ඇත. ඔහුගේ පමා වීම නිසා නිවැසියන් ද කලබල වී ඇත.



අදහස් (0)

නින්ද ගිහින් අතින් තට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site