IMG-LOGO

නැන්දම්මා පින්කමට ගිය අතරේ ලේලිය පවක් කරගෙන

නැන්දම්මා කුසලකර්මයකට දායක වන්නට නිවසින් බැහැරව ගිය අවස්ථාවේ දී ලේලිය නිවසේ රැඳී අකුසලයකට දායකවීම නිසා නැන්දා, ලේලිය කෙස්වලු පටලවා ගත් පුවතක් යාපහුව රාජධානියෙන් අසන්නට ලැබුණි.

එකම ඉඩමේ නිවෙස් දෙකකි. එක නිවහනක නැන්දම්මා හා මාමණ්ඩිය වාසය කරති. ඒ මිදුලේම තවත් නිවසක ලේලිය තම දරුවන් දෙදෙනා සමඟ වෙසෙති. ඇයගේ සැමියා විදෙස්ගතව සිටින්නේය.

අම්මා, තාත්තා මෙම ඉඩම දරුවන්ට බෙදා වෙන්කර නැත.

ලේලිය විවාහකර ගත් පුතු එම නිවසේ සිටියත් එම ඉඩමට අයිතිවාසිකම් කියන තවත් දරුවෝ සිටිති.

මේ නිසා නිරවුල් නැති ඉඩමට නැන්දා, මාමා සමඟ මෙම ලේලිය නිතර නිතර ආරවුල් කර ගත් අවස්ථා ද තිබේ.

දිනක් නැන්දම්මා පොල් පැළ කිහිපයක් මිල දී ගත්තේ එම නිරවුල් නැති ඉඩමේ පැළ කිරීමටය. වැස්ස නැති නිසා වැහි කාලය පැමිණෙන තෙක් ඒවා මිදුලේ ළිඳ අසල රඳවා තිබුණි.

නැන්දම්මා හා මාමා දිනක් මහනුවර බලා ගියේ දළදා මාලිගාවේ පිංකමකට සහභාගිවීමටය.

එහි ගිය නඩය එදින එහි නැවතී  පසු දිනයේ නැවත නිවෙස් කරා පැමිණියහ. නිවසට ආ නැන්දම්මා  ළිඳ අසලට ගියේ අතපය සේදීමටය. එහි පොල් පැළ දෙස නැන්දම්මාගේ නෙත ගැටුණි. ටික වේලාවක් එහි බලා සිටි ඇය විලාප නැගුවාය. වන්දනාවේ ගිය ඇය පැමිණි විගසින් නැගූ විලාපය අවට අයටද දෝංකාර දුන්හ. අවට වැසියන් ද එතැනට දිව ආවේ විලාපයේ සුලමුල සක්සුදක් සේ දැන ගැනීමටය.

“අනේ, මේ බලපල්ලා අපි පිං කරන්න ගිය අතරේ මේකි පොල් පැළවලට උණු වතුර වත්කරළා. වත්තේ ඒවා හදනවාට විරුද්ධව තමයි මේ අපරාධය මේකි කෙරුවේ. පණ තියෙන පැළයකට උණු වතුර දැමීමත් පාපයක් බව පසක් කරමින්  කරපු අපරාධය මෙනෙහි කරමින් ”ඇය මරළතෝනි දුන්නාය.

අවට වැසියන්  එන බව දුටු ලේලිය කිසිවෙකුටත් පිළිතුරක් නොදී දරුවන් දෙදෙනා ද ගෙට දමාගෙන දොර වසා ගත් අතරේ පවුලේ ප්‍රශ්නවලට උත්තර දෙන්නට බැරිව එහි රැඳී සිටි අයත් කිසිවක් නොකියා නිරුත්තරව සිට ඉන් නික්ම ගියාලු.

මොරගොල්ලාගම සිසිර කැලේගම

 

 



අදහස් (0)

නැන්දම්මා පින්කමට ගිය අතරේ ලේලිය පවක් කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 367 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site