IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නැන්දම්මාට ‘ගල් බෝතලය’ මාරුවී මැණික් මුදලාලිට තට්ටු වෙලා

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
හොර අරක්කු මුදලාලි නිවෙසට කතාකර ‘‘ගල් බෝතලය’’ දෙන්න කිව්වාම දලං බෝතලයක් දුන් නැන්දම්මා කෙනකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය. ඔහු සුළු මැණික් ව්‍යාපාරිකයෙකි. එමෙන්ම කළ දුටු කළ වළ ඉහගෙන කන මසුරුකම උපන්දා සිට ඇති පුද්ගලයෙකි. ඔහුගේ ඇඟේ රෝමවල පවා මොළය ඇති බව ඔහු සිතා සිටියද ව්‍යාපාරවලදී කූට ලෙස මිනිසුන් මුලා කළ ද උපන්ගෙයි මෝඩ​ෙයකි. ඔහු සිය නිවෙසට වැඩි වියදමක් නොදැරුවද යහමින් මුදල් ඔහු සතුව ඇති බව ප්‍රදේශවාසීහු දනිති. එහෙත් ඔහු කන්නේ පරිප්පු සමග බත් හෝ ඉඳහිට හාල්මැස්සන් හොදිය. මඟුල් ගෙදරකදී මස් මාළු දෙවර්ගයම කා එම නිවෙසට කීයක් හෝ අත මිට මොලවා මාරුවෙයි.


මේ දිනවල පවතින සංචරණ සීමා සමග ඔහුගේ මැණික් ව්‍යාපාරයටද කණකොකා හඬනු දැක ඔහු මුදල් සෙවීම සඳහා සීල් අරක්කු විකිණීම ආරම්භ කර ඇත. බාර් වැසීමට කලින් තොගයක් රහසිගතව ගබඩා කළ ඔහු එකට හතරක් වන මිලට අරක්කු විකුණා ඇත.

ඔහුට ලැබෙන දුරකථන ඇමතුම් අනුව අරක්කු ලබාදීම සිදු කර ගෙන ගොස් තිබේ. මෙදින ද ඔහු නිවෙසේ නොසිටි මොහොතක ඔහුට දුරකථන ඇමතුමක් ලබාගත් විට අරක්කු ලබා ගැනීම සඳහා සිය බිරිඳ හමුවන ලෙස එම නාඳුනන පුද්ගලයාට පවසා තිබේ. එදින බිරිඳ සිය අම්මා ගෙදර නවත්වා සහන මල්ලක් රැගෙන ඒමට ගොස් තිබේ. සැමියාගෙන් ලැබෙන දොස්මුරය නිසාම සහන මල්ලක් බිස්නස් එකත් දෙකම බේරා ගැනීමට සිතා ඇය සිය අම්මා අමතා


‘‘එක්කෙනෙක් එයි එයාට අල්මාරිය ළඟ තියෙන ගල් බෝතලයක් දෙන්න යැයි පවසා තිබේ. නිවෙසට පැමිණි අමුත්තාට ඇය ‘‘දලං ගල් බෝතලය’’ දී ඇත්තේ ඇය බෑනාගේ ගල් අරක්කු ව්‍යාපාරය නොදන්නා බැවිනි.


කෙසේ වෙතත් බෑනා නිවෙසට පැමිණි පසු කෙනෙක් ආවා පුතා හොයාගෙන දුව කියපු විදිහට ගල් බෝතලය දුන්නා යැයි පවසා තිබේ. කලබල වූ ඔහු කොයි ගල් බෝතලයද විමසද්දී ‘‘ඇයි අර අල්මාරිය ළඟ තිබුණු දලං බෝතලය මම දුන්නා. ඔන්න සල්ලි මේසය උඩ. දුව මට කිව්වා තියෙන තැනත්’’ යැයි පවසා තිබේ. දෙවියන් සිහිවූ ඔහු එම නාඳුනන පුද්ගලයාගේ දුරකථන අංකයට ඇමතුම් ගත්තත් ඒ වන විටත් එය ක්‍රියා විරහිත කර තිබේ. ‘‘අයියෝ මගේ ලක්ෂ ගානක දලං බෝතලය අරක්කුවලින්වත් ඔච්චර හොයන්න බෑ’’ යැයි කියමින් ඔළුවේ අත ගසා ගනිමින් බිරිඳට හා නැන්දම්මා වෙත සාප කරමින් නිවසින් පිටව ගොස් ඇත්තේ පිස්සකු මෙනි.

 



අදහස් (0)

නැන්දම්මාට ‘ගල් බෝතලය’ මාරුවී මැණික් මුදලාලිට තට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 895 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site