(පොල්ගස්ඕවිට - එස්. වික්‍රමආරච්චි)
තම ඥාතිවරියගේ අවමංගල උත්සවයේ දී තමාට ලකුණු වැටෙන අන්දමේ සාරවත් කතාවක් කරවා ගැනීමට ඈත ප්‍රදේශයක සිටින පුද්ගලයකු ගෙන්වා ගැනීමට දැරූ සියලු_ උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් අවමඟු_ල් උත්සවයේ සියලු_ම ගිහි කතා අහෝසි කර දැමීමට කටයුතු කළ ගෘහ අධිපති කතක් පිළිබඳව දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
මීට වසර තිස් ගණනකට පමණ පෙර විවාහවී පැමිණියාට පසුව තම සැමියාගේ මව එනම් නැන්දනිය සමග තිබූ විරසකය ඇය මිය ගියාට පසුව සහමුලින්ම අමතක කර දැමූ මෙම ලේලිය නැන්දනියගේ අවසාන කටයුතු තම නිවසේ දී කිරීමට සියලු_ කටයුතු සූදානම් කළාය. ඒ සඳහා පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ කැමැත්ත ලබා ගැනීමට ද ඈ උපායශීලී වූවාය.
අවමඟු_ල් උත්සවයේ දී තමාගේ ගුණ වර්ණනා කෙරෙන ආකාරයේ කතාවක් පවත්වා ගැනීමට හැකි උපක්‍රමයක් ද ඈ කල්පනා කළාය. ගමේ කෙනකුගෙන් මේ කටයුත්ත කරවාගත නොහැකි බැවින් ඈත ප්‍රදේශයක සිටින හිතවතකු මේ සඳහා ගෙන්වා ගැනීමට ඕ තීරණය කළාය.
ඒ අනුව අදාළ හිතවතාගේ නිවෙසට දුරකතන ඇමතුමක් ගත්තාය. ඇමතුම ලබාගත්තේ හිතවතාගේ බිරියය. නැන්දනියගේ මරණය ගැන දැනුම් දුන් කාන්තාව “කෝ නංගියේ මහත්තයා, කාලෙකින් කටහඬ ඇහුවෙත් නෑ,” යනුවෙන් ද පවසා හොඳ බටර් පාරක් ගා මළගෙදර කතාවක් කිරීමටත් සූදානම්ව මහත්තයා එවන බවට හිතවතාගේ බිරිය කැමති කරවා ගත්තාය.
ස්වාමියා පැමිණි පසු බිරිය පණිවුඩය කීවාය. මේ තැනැත්තිය පිළිබඳව තරමක වැටහීමක් තිබූ ඔහු ඇයගේ උප්පරවැට්ටියට අසු නොවීමට කල්පනා කළේය.
පසුදින මළගෙදරට පැමිණියේ හිතවතාගේ බිරියය.
ඇය දුටු විගස ගෘහ අධිපති කතගේ මුහුණ ඇඹුල්වී ගියේය.
වහාම අවමංගල සභාවේ කටයුතු බාර දී තිබූ නිවේදකයා කැඳවූ ඈ “පැවිදි අනුශාසනා විතරක් ඇති, ගිහි කතා අවශ්‍ය නෑ”_ යි ඔහුට නියෝග කළාලු.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නැන්දම්මාගේ මළ ගෙදරදී ලේලියට ගිහි කතා තිත්තවෙලා
අමල් Tuesday, 30 July 2019 10:04 AM
දෙනියායේද?.එහේ ඉන්නේ ඔය වගේ අය තමා.