IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


නැන්දම්මාගේ මිනිය වළලන්න කියා බෑනා හරකුන් දෙදෙනෙක් මසට විකුණා සූර්වෙලා

කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න

මිය ගිය නැන්දම්මාගේ දේහය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබියදී, අවසන් කටයුතු සිදු කිරීමට යැයි පවසා, ඇගේ එළ හරක් කොටුවේ සිටි හරක් දෙදෙනකු මුදලට අලෙවි කර ඇතැයි කියන අපූරු බෑනකු පිළිබඳ පුවතක් ඉකුත් දා රඹුක්කන ප්‍රදේශයෙන් වාර්තා විය.

බෑනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු 2002 වර්ෂයේ කුරුණෑගල ප්‍රදේශයේ රැකියාවක් කරමින් සිටින අවස්ථාවේදී කුරුණෑගල නගරයේදී රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණියක හඳුනාගෙන, පසුව යුවළ විවාහ වී තරුණියගේ රඹුක්කන මහ ගෙදර නිවෙසේ පදිංචි විය.

තරුණියගේ මව සමග නව යුවළ නිවෙසේත්, තරුණියගේ පියා බදුල්ල ප්‍රදේශයේත් පදිංචි වූයේ කාගේ කාගේත් පහසුවටය.

බෑනා කාලයක් ගත වෙද්දී මත්පැන් පානය කිරීමට පුරුදු වී ඇති අතර, බිරිඳට හා නැන්දම්මාට බැන තර්ජනය කරන්න පටන්ගත් හෙයින්, බිරිඳ අවස්ථා ගණනාවකදීම මේ ගැන රඹුක්කන පොලීසියේ පැමිණිලි ද කළාය.

මෙම බෑනාගේ නැන්දම්මා මීට වසර ගණනාවකට ඉහතදී එළ හරක් කොටුවක් හා කළුකුන් කොටුවක් සාදා, මුල් කාලයේ සුළු ආදායමක් ද උපයා ගෙන, පසුව එළ හරක් කොටුවේ එළ හරක් 18 දෙනකු දක්වා වර්ධනය කරගෙන ලබා ගන්නා එළ කිරි අලෙවි කර විශාල ආදායම් උපයා ගෙන ජීවත් වූවාය.

එළ හරක් 18 දෙනාට කාන්තාව ආදරය කරුණාව දක්වමින් රැක බලා ගනිමින් සිටින අවස්ථාවේදී, එක් එළ හරකකුගේ කකුලක ආබාධයක් ඇති වූ අවස්ථාවේදී ප්‍රදේශයේ මස් පිණිස සතුන් මිලට ගන්නා පුද්ගලයෙක් පැමිණ කාන්තාවගෙන් කකුලක ආබාධයක් පැවැති එළ හරකා මස් පිණිස ඝාතනය කිරීමට ඉල්ලා සිටියේය.

එහිදී වෙළෙන්දාට තදින්ම දොස් පැවැරූ ඇය, කිසි දවසක තමන්ගේ හරක් මස් පිණිස අලෙවි නොකරන බවට දැන්වූවාය.

පසුව කකුලක ආබාධයක් පැවැති හරකා කලකට ඉහතදී මිය යාමෙන් පසු, කුලී පදනම මත බැකෝ යන්ත්‍රයක් ගෙන වළක් හාරා, මිය ගොස් සිටි එළ හරකා මිහිදන් කළේ ගරු සරු ඇතිවය.

මෙලෙස හරක් 17 දෙනකු හා කළුකුන් කොටුවක් පණ සේ රැක බලා ගනිමින් සිටි 70 හැවිරිදි කාන්තාව කෑගල්ල මහ රෝහලේදී ඉකුත් 10 වැනිදා ජීවිතක්ෂයට පත්වූවාය. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා දියණියට භාර දෙන තෙක් දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට සිදුව තිබේ.  ඇයගේ එකම බෑනා ඉකුත් 11 වැනිදා නැන්දම්මාගේ අවසන් කටයුතු සිදු කිරීමට යැයි පවසා, එළ හරක් කොටුවේ සිටි එළ හරක් දෙදෙනකු මුදලට අලෙවි කර යහමින් සූර් වී ඇති බව ඇයගේ ඥාතියකු පැවැසුවේ, “අනේ මෙහෙමත් බෑනලා” යයි පවසමිනි.



අදහස් (0)

නැන්දම්මාගේ මිනිය වළලන්න කියා බෑනා හරකුන් දෙදෙනෙක් මසට විකුණා සූර්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17793 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site