IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නැන්දම්මාගේ පැටිකිරිය හෙළිවී මනාලයාට මඟුල එපාවෙලා

මංගල සභාවේ දී සීයා පවුලේ අතීතය සිහිපත් කරද්දී මනාලයාගේ පාර්ශවයේ ඥාතීන් මනාලිය එපා යැයි පවසා නිවසින් පිටව ගොස් ඇතැයි කියන පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 28 හැවිරිදි රජයේ රැකියාවක නියැලී සිටින තරුණියක් පියා සීයා මිත්තනිය සමග නිවසේ පදිංචිව සිටියි. වයස අවුරුදු 4 ක් පමණ වූ ළමා කාලයේ දී තරුණියගේ මව සිය ස්වාමි පුරුෂයා  හා දියණිය අතහැර දමා වෙනත් පුද්ගලයකු සමග පැන ගියාය.
ඉන් පසුව තරුණියගේ පියා රැකියාවක් කර උපයන මුදල් හදල් මව්පියන්ට ගෙනැවිත් දී ඔවුන් විසින් තරුණිය හදා වඩාගෙන පාසල් යවා අධ්‍යාපන කටයුතු නිසි අයුරින්  සිදුකර ඇත්තේ සීයා හා මිත්තනියයි. අධ්‍යාපන කටයුතු සිදු කර ගත් තරුණිය විශ්ව විද්‍යාලයකින් උපාධිය ද හිමි කරගෙන දැනට රාජ්‍ය ආයතනයක රැකියාවක් ද කරන්නීය.


තමාට ගැලපෙන කොල්ලෙකු සොයා ගැනීමට තරුණියට අවස්ථාව ලබා දී තිබුණද ඇය එය ගානකට නොගත්තාය. සීයා හෝ කිරි අම්මා සොයා දෙන ගැලපෙන කොල්ලෙකු සමග විවාහ වෙන බව නිතර කී දියණියගේ කල වයස දිනෙන් දින ගෙවී යන බව දැන ගත් පියා ප්‍රදේශයේ කපු මහතකුට තම දියණියට ගැලපෙන මනාලයකු සොයා දෙන ලෙස මීට මාස තුනකට පමණ ඉහතදී ඉල්ලීමක් කළේය.
කපු මහතා රුවැති තරුණියට ගැලපෙන තරුණයෙකු සෙව්වේය.  උපාධියක් හිමි තරුණයෙකු සිටින බව තරුණියගේ පියාට මීට මසකට පමණ ඉහතදී දන්වා තිබුණි.
පසුව තරුණයාගේ හා තරුණියගේ හඳහන් දෙපාර්ශ්වය සසඳා බැලූහ. එහිදී දෙදෙනාට දෙදෙනා තරමක් ගැලපෙන බව කියා තිබුණි.
ඉකුත් දිනෙක මනාලියගේ පාර්ශ්වයේ ආරාධනයෙන් මනාලයාගේ මව්පියන් සහොදරයෝ ළඟම ඥාතියෙකු හා කපු මහතා සමග මනාලියගේ නිවසට වාහනයකින් පැමිණියහ.
පැමිණි පිරිස පිළි ගනු ලැබුවේ මනාලියගේ කිරි අම්මා විසින්ය. උ⁣⁣දේ තේ පානය භුක්ති විදි මනාලයාගේ ඥාතීන් හනිකට ආපසු නිවසට යා යුතු බවත් පුංචියට මංගල සභාවක් පැවැත් විය යුතු බවත් මනාලයාගේ මව කපු මහතාගේ කනට කොඳුරා කීවාය.
පසුව දෙපාර්ශ්වයේ ඥාතීහු නිවසේ සාලයේ අසුන් ගත්හ. කවි කිහිපයක් ගයමින් මංගල සභාව මෙහෙය වූයේ ද කපු මහතා විසින්ය. ඉන් පසුව කපු මහතා පළමු කතාව ලබා දුන්නේ මනාලියගේ සීයාටය.
මනාලියගේ සීයා කතාව ආරම්භ කරමින් මනාලියගේ මව වසර 24 ට පෙර වෙනත් පුද්ගලයකු සමග ගිය අයුරු අකුරෙන් අකුර මංගල සභාවේ පැහැදිලි කරන්නට විය. මනාලයාගේ පාර්ශ්වයේ ඥාතීහු මුහුණෙන් මුහුණ බලා ගත්හ. මනාලයාගේ මව නැගිට කියා සිටියේ”‍ මොකද්ද මේ අපි ආවේ ඔය විස්තර දැන ගන්න නෙමෙයි. ඔය විස්තර අපට වැඩක් නෑ. අපට මනාලිය එපා අපි යනවා යන්න යැයි පවසා මනාලයාගේ පාර්ශවයේ ඥාතීන් කපු මහතාට ද ආපසු යමු යැයි ආරාධනා කරමින් නැගිට නිවසින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි. පසුව මනාලියගේ කිරි අම්මා සීයාට හොඳ ඒවා දෙක තුනකින් ආමන්ත්‍රණය කර ඇති බව ආරංචිය.

තංගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

 



අදහස් (0)

නැන්දම්මාගේ පැටිකිරිය හෙළිවී මනාලයාට මඟුල එපාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site