කොළඹට නුදුරු පෞද්ගලික ආයතනයකි. මෙම ආයතනයට මාසිකව සුළු අත්මුදල් වශයෙන් රුපියල් පනස් දහසක මුදලක් ප්‍රධාන කාර්යාලයෙන් ලැබිණි. එම පෙටි කෑෂ් භාරව සිටියේ නිලධාරිනියකි. දිනක් ඇයගේ මේසය මත මැස්සන් දෙදෙනෙක් සිටි අතර ඇයගේ මුහුණේද උන් වැසූහ.

සේවකයකුට කථා කළ ඇය මේ මැස්සෝ දෙන්නව මරලා දාන්නකෝ. මුන් මගේ කටෙත් වහනවා යැයි පැවසුවාය. උන්ව මරන්න මට වෙලාවක් නැහැ මිස්. මට අතුගාන්නයි, ඔෆීස් එක ශුද්ධ කරන්නයි තියෙනවා ඔහු කීය. ස්වල්ප වේලාවක් කල්පනා කළ ඇය ඔය මැස්සෝ දෙන්නව මරනවාට මම රුපියල් පන්සීයක් දෙනවායි පැවසුවාය. 
මවිතයට පත් සේවකයා ඇතුගෑම නවත්වා මැස්සන් දෙදෙනා ඇල්ලීමට උත්සුක විය. විනාඩි දහකින් එක් මැස්සෙක් ඇල්ලූ සේවකයා ඌ පොලොවේ ගසා මරා දැමීය. තවත් විනාඩි කිහිපයකදී ඔහු අනෙකාද මරා දැමුවේය. මැරුණු මැස්සන් දෙදෙනා නිලධාරිනියට පෙන්වූ විට ඇය ඔහු අමතා මට කඬේකින් හිස් බිලක් ගෙන්නැයි කීවාය. 
හඳුනන වෙළඳසලකින් හිස් බිලක් ගත් සේවකයා එය නිලධාරිනියට දුන්නේය. ඇය හිස් බිල රැගෙන වැසිකිළි  පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක බෝතල් දෙකක නම එහි සඳහන් කර බිලේ වටිනාකම රුපියල් දහසක් යනුවෙන් කළාය. ලාච්චුවෙන් රුපියල් දහසක් ගත් ඇය සේවකයාට රුපියල් පන්සීයක් දී අනෙක් පන්සීය තම මුදල් පසුම්බියට දමා ගත්තාය. 
ක්‍රිස්ටෝපර් සීපියන් 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නෝනගෙ මැස්සො දෙන්නා මරන්න 500 යි: පගාව 500 යි