IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


නෝනාගේ කීමට පොල් ගේන්න ගිය සැමියාට එලොව පොල් පෙනිලා

(තිහගොඩ උපසේන ලියනගම)
අඩු මුදලකට පොල් ගෙන ඒමට ගිය රජයේ ලිපිකරුවකුට එළොව පොල් පෙනීමේ අපූරු සිදුවීමක් ඉකුත්දා අසන්නට ලැබුණේ මාතර දිස්ත්‍රික්කයේ උපනගරයක් ආශ්‍රිත ගම්මානයකිනි.


රජයේ දෙපාර්තමේන්තුවක ලිපිකරුවකු වූ ඔහු සවස සේවය නිමකොට සිය යතුරුපැදියෙන් ගෙදර ආ සැණින් සිය හිසෙහි වූ හෙල්මටය පුතාට දී මුව වැස්මද බිත්තියේ එල්ලා ඇඳුම් මාරු කර ගැනීමට සූදානම් වුවත් කාමරයට එබුන බිරිඳ කීවේ ගෙදර පොල් ගෙඩියක්වත් නැති නිසා ඇඳුම් මාරුනොකොට ඔහොමම කඩේ යන ලෙසටය.


‘‘උඩහ ගෙදර අක්කා කිව්වා හන්දියේ පොල් ලාබෙට තියෙනවා කියලා. තිබුණොත් ගෙඩි දහයක්ම ගේන්න කියා ඇය රුපියල් දාහේ නෝට්ටුවක්ද ඔහුට දිගු කළාය.


යළි හෙල්මටය සෙවීමටත් මුව අාවරණය පැළඳීමටත් ඒවා තිබූ තැන්, සොයන විට බිරිඳ කීවේ ‘‘මේ හවස් වෙලාවෙ ඕව බලන්න කවුරුවත් නෑ. යන්නකො අනේ’’ කියාය.


කලබලයේ යළි කමිසය දමාගත් ඔහු වෙළඳසැලට ගියත් ලාබ පොල් වෙළෙන්දා එහි නොවීය. ඔහු ආපසු ඒමට හැරුණා පමණකි.
පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔහුගේ යතුරුපැදිය නවත්වා හේතු කීපයක් කියා දී රුපියල් දාහක දඩ කොළයක් ලිව්වේය.


බිරිය දුන් දාහේ කොළය ඒකට හිලව් කළ ඔහු අඳුනන කඩයකින් පොල් ගෙඩියක් දෙකක් ණයට ගෙන ආවේ මොනවා කිව්වත් බිරිඳගෙන් සමාවක් නොලැබෙන බව දන්නා නිසාලු.



අදහස් (0)

නෝනාගේ කීමට පොල් ගේන්න ගිය සැමියාට එලොව පොල් පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site