කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
නොනගතය වෙලාවේ නෝනාට නොදැනෙන්න කළ වැඩක් මාට්ටු වී අවුරුද්ද පුරාම නොනවතින නෝක්කාඩුවකට මුහුණ දෙන්න සිදුවූ සැමියකු පිළිබඳ පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඇය අවුරුදු නැකැත් සීට්ටුවට අනුවම ඉෂ්ට සිද්ධ කරන්න පුරුදු පුහුණුවූවේ මහගෙදර ඉන්නා කාලයේ සිටමය.
අවුරුදු සිරිත් විරිත් යම් හෙයකින් කඩවුවහොත් මුළු අවුරුද්දම මූසලවේ යැයි ඇය සිතුවාය. ඒ නිසාම ඒ කටයුතු පොතේ හැටියට නියම වේලාවට සිදු කිරීමට සැමියා ඇතුළු දූ දරුවන්ට දැඩි නීති රීති කොන්දේසිද දැමූවාය.
නොනගතය වේලාවට නිවෙසින් එළියටත් එළියෙන් නිවසටත් දේවල් ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම්ය.
නොනගතය වෙලාවේ කරන්නට කියන්නට දෙයක් නොමැති හෙයින් සැමියා මිතුරන් කිහිප දෙනකු සමග අසල ලඳු කැලෑවට ගියේ අඩියක් පුඩියක් ගැසීමේ අරමුණෙනි. බෝතලයක් එක මිතුරෙකු ගෙනි. ප්‍රශ්නය බයිට්ය.
හේතුව නොනගතය ය. කිසිම නිවෙසකින් දෙයක් මේ වෙලාවේ ගනු බොරුය.
අපේ මිතුරා එයට විසඳුමක් දුන්නේය. ඒ නැකැතට කිරිබත් කෑමට නෝනා සාදා තිබූ මාළු ඇඹුල් තියල්ය. වැඩේ හරිය. යහළුවන්ට සතුටුය. බෝතලය මාළු ඇඹුල් තියල් සමග අල්ලාප සල්ලාප මැද හිස් විය.
එදා සෙට්වූ යහළුවන්ගෙන් එක් අයෙක් ඔහුගේ නිවෙසට පසුදා පැමිණියේ අවුරුද්ද නිමිත්තෙනි. ආගිය තොරතුරු අතර ඔයාගේ මාළු ඇඹුල් තියල් නම් මාර රසයි මිතුරා ඔහුගේ නෝනාට කීවේය. මොන ඇඹුල් තියල්ද? අපි ඊයේ ඒවා කිරිබත් එක්ක කෑවානේයි ඇය කීවාය. ඕ ඊයේ දහවල් තමයි අපි කෑවේ යයි මිතුරා කී විට ඔහුට හීන් දහඩිය දමන්න විය.
නොනගතේ වේලාවේ මාළු ඇඹුල් තියල් හට්ටියෙන් කෑලි කිහිපයක් අඩුව තියූ බව ඇයට පෙනුණත් ඇය සිතුවේ දරුවන් එය හොරෙන් කොටා බාන්නට ඇතැයි සිතාය. සියල්ල සුලමුල විමසීමෙන් දැනගත් ඇය අපෝ ඉතින් මේ අවුරුද්ද ඉවරයි කියලා ඇය දෙස් දෙවොල් තිබ්බාය. ඉන්නවකෝ මේ අවුරුද්ද මොනවා හරි වුණොත් මම තමුසෙ අල්ල ගන්නම් යයි කිය කියා නාහෙන් අඬන්න පටන් ගත්තාය.
නොනගතය වේලාවේ කළ නොහොඹිනා වැඩේ නිසා දැන් අවුරුද්ද පුරාම නෝක්කාඩු අසන්න වේයැයි සිත සිතා ඔහු සිටින්නේ මිතුරාගේ තිරිංග නැති කටට ශාප කරමිනි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
නොනගතේදී නෝනාට හොරෙන් වැඩ අල්ලලා අහුවෙලා