මාස ගණනාවකට පසු ලද නිදහසෙන් ආතල් එකක් ගන්නට ගොස් අතේ ඇඟිලි කීපයක් අහිමි කරගෙන රෝහල් ඇඳක ප්‍රතිකාර ලබන්නට සිදු වූ පුද්ගලයකු පිළිබඳ කියැවෙන පුවතකි.

සිද්ධිය මෙසේය. එක්තරා ආයතනයක සේවක පිරිසකි. කොරෝනා ආරක්ෂක වැඩපිළවෙලක් සමග නිවෙස්වලට සීමාවී සිටි ඔවුන්ට මඳ නිදහසක් අත්විඳින්නට ලැබුණේ මාස කීපයක් තිස්සේ පනවා තිබූ ඇඳිරි නීති තත්ත්වය පසුගියදා ඉවත් කිරීම හේතුවෙනි.
කාලෙකින් එකිනෙකා මුණ ගැසෙන්නට නොහැකිව දැඩි අසහනයෙන් පසුවූ ඔවුහු එළැඹි සති අන්තයේදී එකිනෙකා මුණගැසෙන්නට තීරණය කළේ තම ගම්මානයට නුදුරින් ගලා බසින ලොග්ගල්ලා ඔයේ සුපුරුදු දිය මංකඩේදීය
ගමනට අවශ්‍ය මත්පැන් ඇතුළු බොහොමයක් අඩුම කුඩුම සූදානම් කරගත් ඔවුහු කටගැස්ම සඳහා අවශ්‍ය මාළු ටිකක් ලොග්ගල්ලා ඔයෙන්ම අල්ලා ගන්නට තීරණය කළේ පිරිසේ අය සතුව තිබූ පෙර අත්දැකීම් ද සැලකිල්ලට ගනිමිනි.
මසුන් මැරීම සඳහා රතිඤ්ඤා, යකඩ කැබලි ආදිය ප්ලාස්ටික් නළයකට පුරවා වෙඩි කීපයක්ද සකස් කරගත් ඔවුහු උදෑසනින්ම ගමනට එක් වූයේ තම තමන් සතුව තිබූ ත්‍රීවීල් කීපයක ආධාරයෙනි.
ගමන ආරම්භ වන විටත් පදමට රත්වූ පිරිසේ නායකයාට ගමන ආරම්භයේ සිටම රැගෙන ගිය වෙඩිල්ලක් වතුර වළකට දැමීමට තිබුණේ පුදුම තදියමකි.
ඒ නිසාම කටයුත්ත හුරුපුරුදු අයගෙන් බලහත්කාරයෙන්ම වෙඩිල්ලක් උදුරාගත් හෙතෙම එයට ගිනි කූරක් ගසා දල්වා තිබූ කලබලයත් සමග අතේ තබාගෙන සිටි ගිනිපෙට්ටිය ඔයට විසිකර වතුර වළ දෙස බලා සිටියේ මොහොතකින් වෙඩිල්ල පුපුරා උඩ එන මාළු රෑන ලබා ගැනීමේ නොනිත් ආශාවෙනි. එහෙත් මඳ වේලාවකදී ප්‍රදේශයම දෙවනත් කරමින් ඔහුගේ අතේ තිබූ වෙඩිල්ල පුපුරා ගියේ ඔහුගේ අතේ ඇඟිලි දෙක තුනක් ද අහිමි කරමිනි. ආතල් ගැනීම පසෙක තැබූ පිරිස තුවාලකරු රෝහල වෙත රැගෙන ගියේ ඔහුගේ පණ්ඩිතකමට ද දෙස් දෙවොල් තබමිනි. දැන් ඔහු රෝහලේය.
(වියලුව වාර්තාකරු)
2025 ඔක්තෝබර් මස 08
1820
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිදහස ලද සැණින් ‘ආතල්’ ගන්න ගිහින් අතේ ඇඟිලිත් නෑ
lalithm Sunday, 31 May 2020 06:16 PM
වෙඩි දමා මාලු ඇල්ලීම තහනම් ක්‍රියාවක්. කොහොම වුණත් කාලකන්නින්ට නිවැරදිව දඬුවම ලැබිලා...
imesh Tuesday, 02 June 2020 08:31 AM
අනුන්ගේ පණ නසන අයට වෙන දේවල්.