IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


නැති වූ කරාබුවට පේනයක් බලා හයසීයක් පාඩුවෙලා

හසලක සුනිල් ඒකනායක


නැති වූ කරාබුව යළි හමු නොවන බවට සාස්තරයකින් පැවසූ දියණියගේ කරාබුව මාසයකට පසු මවගේ සෙරෙප්පුවකින් හමු වූ පුවතක් හසලකට නුදුරු ගමකින් වාර්තා විය.
තුන් හැවිරිදි කුඩා දියණියගේ කනේ පළදා තිබු රන් කරාබුවේ ඉදිරිපස කොටස අතුරුදන්ව ඇති බවත් එය බිම වැටී ඇතැයි සැක සිතා සොයා බැලීමේදි එහි පිටුපස කොටස බිම වැටී තිබියදී දරුවාගේ මවට හමු වී තිබේ. නිවෙසේ අස්සක් මුල්ලක් නෑර සොයා බැලු‍වත් ඉදිරිපස කොටස හමුවී නැත. මෙම කොටස ඉහළ වටිනාකමකින් යුතු වන හෙයින් සහ මෙයට සරිලන වෙනත් කොටසක් ගැනීමට මේ දිනවල අත මිට සරු නොමැති නිසා මෙයට කුමක් සිදුවුවාදැයි දැන ගැනීමට ඇය මිතුරියක සමග අසල ගමක පිහිටි දේවාලයකට ගියාය.


රැගෙන ගිය බුලත් ගොන්න අතටගෙන මද වේලාවක් කල්පනාවේ සිටි සාස්තරකාරිය පැමිණි කාරණය පිළිබඳ විමසා ඇත. එහිදී මව වන තැනැත්තිය පවසා ඇත්තේ නැති වූ යමක් ගැන බැලීමට පැමිණි බවයි. මද වේලාවක් නැවත බුලත් හුරුල්ල දෙස බලා සිටි සාස්තරකාරිය නැවත පවසා ඇත්තේ නිවෙසට පැමිණි කෙනකු නිවෙසේ තිබූ වටිනා දෙයක් හොර රහසේ රැගෙන ගොස් ඇති බවත් එය නැවත නොලැබෙන බවත්ය. එය ගෙන්වා ගැනීමට නම් රුපියල් 5000 ක පමණ මුදලක් දේවාලයට පුද පඩුරු වශයෙන් ගෙවිය යතු බවද පේනකාරිය පවසා ඇත. ඇය සිය මිතුරිය සමග දේවාලයෙන් පිටව ගොස් ඇත්තේ “රුපියල් පන්දහසක් අතේ තියෙනවානම් අලු‍තෙන් කරාබුවක් ගන්නවානෙ” යැයි දැඩි වේදනාවෙන් පවසමිනි.
සුදුසු කරාබු යුගලක් නොමැති නිසා දරුවාගේ කනේ ඉතිරිව තිබූ කරාබුවද ගලවා අල්මාරියේ දැමූ ඇය දරුවාගේ කන පාළුවෙන නිසා ගමේ කඩෙන් රැගෙන ආ ඉමිටේෂන් කරාබු යුගලය දරුවාට පැළඳුවාය.
ගෙවී ගියේ මාසයක පමණ කාලයකි. ඇය නිවෙස අතුගාමින් සිටින විට භාවිතයට නොගෙන පසෙකට දමා තිබූ සිය සෙරෙප්පුවේ යට කොටසේ කිසියම් දිළිසෙන යමක් තිබෙනවා දැක සෙරෙප්පුව අතට ගෙන විමසා බැලීමේදී එය තම දරුවාගේ කරාබුවේ අතුරුදන් වූ කොටස බවට දැක ඇත‍.
සවස වැඩ ඇරී සැමියා නිවෙසට පැමිණි පසු ඇය ඔහුට කරාබුව පෙන්වා පවසා ඇත්තේ සාස්තරෙන් හම්බවෙන්නේ නෑ කියූ කරාබුව හම්බවුණා. අපරාදෙ පේනකාරියට දුන්න රුපියල් 600 කියාය.

 



අදහස් (0)

නැති වූ කරාබුවට පේනයක් බලා හයසීයක් පාඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site