IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නැති නෑකමකින් ගේකට ඇවිත් වී ගෝනි 2 ක් උස්සලා

(රාජාංගණය නුවන්කුමාර)
නැති නෑදෑකමක් හඟවමින් මහ දවල් වේලීමට මිදුලේ දමා තිබූ වී ගොඩකින් වී ගෝනි දෙකක් සොරකම් කිරීමේ පුවතක් නොච්චියාගම බෝගස්හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ.


බෝගස් හන්දිය ප්‍රදේශයේ නිවෙසක අඹුසැමි යුවළක් සමඟ ඔවුන්ගේ දරුවෝ හා මව ජීවත් වෙති. මෙම යුවළ රජයේ රැකියා කරන අතර, දරුවන් දෙදෙනා පාසල් ගිය පසු දිවාකාලයේදී නිවෙසේ තනියම සිටින්නේ ඔවුන්ගේ මව පමණි. මෙම නිවෙසේ ගෘහමූලිකයා රජයේ රැකියාවට අමතරව හොඳින් ගොවිතැන්වල නියැලෙන්නෙකි. මෙවර යල් කන්නයේ ඔහුගේ කුඹුරේ ඉතා සාරවත් වී අස්වැන්නක් තිබූ  අතර ඒවායෙන් වී උර 10ක්  වේලීම සඳහා මිදුලට දමා ඇත.


පසුගිය දිනක එසේ වී වේලීමට දමා ඔහු බිරිය සමඟ රාජකාරි සඳහා පිටත්ව ගොස් ඇති අතර දරුවන්ද පාසල් ගොස් සිටි අතරවාරයේ මව වෙනත් රාජකාරියක් සඳහා නිවෙසින් පිටතටගොස් සිටියදී  යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු අවට පිරිස් බලා සිටියදීම ඔවුන් ගෙනා උරවලට වී පුරවාගෙන යෑමට සුදානම් වූ අවස්ථාවේදී අසල් වැසි කාන්තාවක් පැමිණ මොකද? මහදවල් වී සොරකම් කරන්නේ යැයි විමසා  ඇත. එහිදී මෙම තරුණයන් දෙදෙනා මෙම නිවෙසේ සිටින කාන්තාව තමන්ගේ ලොකු අම්මා බවත්, ඇය විසින් තමන්ට වී උර දෙකක් රැගෙන යන ලෙස දන්වා සිටි නිසා තමන් පැමිණි බවත් පවසා වෙනත් අයකුට  ඔවුන්ගේ දුරකථනයකින් කතාකොට “ලොකු අම්මේ අපි වී ටිකක් ගත්තා” යැයි පවසා අසල්වැසි කාන්තාවත් නොමග යවා වීත් රැගෙන යතුරුපැදියේ නැගී පලාගොස් තිබේ.


තමන් ගිය කාර්යය නිමවී ගෙහිමියාගේ මව නිවෙසට පැමිණි විට අසල්වැසි කාන්තාව සිද්ධිය ඇයට දැනුම් දුන් විට, තමන් කිසිවෙකුටත් එසේ නොකී බවත්, තමන්ට බාල සහෝදරියක් හෝ ඥාතීන් නොමැති බව පවසා ඇත. රාජකාරි නිමවී දරුවන් පැමිණි අවස්ථාවේදී මව විසින් සිද්ධිය සැලකරවිට ගෘහ මූලිකයා පවසා ඇත්තේ වී මිටි දෙකක අලාභය අයකර ගන්න මහන්සිවෙලා වියදම් කරලා පොලිසියේ රස්තියාදු වෙනවට වඩා වී මිටි දෙකක් වෙනත් තැනකින් ලබා ගැනීම ලාබ දායක බවයි.

 



අදහස් (0)

නැති නෑකමකින් ගේකට ඇවිත් වී ගෝනි 2 ක් උස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site