IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


නීතීඥ බිරියගෙන් පුතාට වන්දියක්

(තිහගොඩ උපසේන ලියනගම)

දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක වූ නීතිඥ නිවෙසකි. සැමියාත් බිරිඳත් දෙදෙනාම නීතිඥයින් වූ අතර එකම පුතා නගරයේ ප‍්‍රධාන පාසලක අට වසරේ ඉගෙනුම ලැබීය. ඉතාම විනෝදයෙන් ගත කළ පවුලක් වුවත් සැමියාගේ මත්ලෝලීබව එකම ගැටලූව විය.

නිවසේ හදිසි මිතුරු හවුලක් වූ අතර බිරිය මේ ගැන කිසිවක් දැන නොසිටියාය. පසුදා උදේ සේවයට යාමට සූදානම් වූ සැමියා කීවේ තම සාක්කුවේ වූ රුපියල් දහසේ නෝට්ටුවක් අතුරුදන්ව ඇති බවයි.

‘‘ඊයේ ? වෙරිමරගාතේ කොහෙහරි දාන්න ඇති...’’ බිරිය කීවාය. ‘‘නෑ තාත්තෙ. මට ඒක වන්දි මුදලක් හැටියට අම්මා දුන්නා.’’ පුතා කීවේ සිනාසෙමිනි. නීතිඥ පියාට තරු පෙනින.

‘‘වන්දි මුදලක්?’’ ‘‘ඔව් පුතා ඊයේ ? ඔයාට එරෙහිව පැමිණිල්ලක් කළා. ඔයාලගෙ ගෝසාව නිසා පාඩම් කරන්න බෑ කියල. ඒක විභාග කරල වන්දි මුදලක් හැටියට ඔයාගෙන් රුපියල් දාහක් අය කළා. දරුවකුගෙ ඉගෙනීමට බාධාකිරීම බරපතළ වරදක්. ඒ විතරක් නෙවේ අනවසර රැස්වීම් ගෙදර පැවැත්වීමට එරෙහිව අතුරු තහනම් නියෝගයකුත් ගේනවා.’’ ඇය කීවේ සිනාසෙමිනි. ‘‘කමක් නෑ හැබැයි

ඒකපාර්ශිකව නඩු අහන්නෙ නැතුව විත්තියටත් අවස්ථාවක් දුන්න නම් තමයි හොඳ.’’ සැමියා කීවේ වරද පිළිගනිමින්ලූ.



අදහස් (2)

නීතීඥ බිරියගෙන් පුතාට වන්දියක්

nilmini Friday, 30 June 2017 08:21 AM

හරිම සුහද ආදරෙන් ඉන්න පවුලක්....

:       5       51

Reks Sunday, 02 July 2017 06:58 AM

මේක නම් බොරුවක්ද මන්දා....

:       7       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1518 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1345 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site