IMG-LOGO

“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය



එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු ගමකින් අසන්නට ලැබිණි. 
කතාව මෙසේය.
අඹු සැමියන් පමණක් සිටි එම නිවසේ සැමියා වනාහී උපන්ගෙයි මෝඩයෙකි. ඔහු කරන තරමක් කළේ ගොන් වැඩය. බිරිඳ කියන දේ හරියාකාරව ශ්‍රවණය කර ගැනීමට උනන්දු නොවෙන ඔහු, දවසේ වැඩි හරියක්ම ඇසුවේ බැනුම්ය. 
මෙම අඹුසැමියන් පදිංචිව සිටි නිවස ආසන්නයේ තිබූ වී මෝලකින් කැකුළු වී කෙටීමට පුරුදුව සිටි ඔවුහු එම ගමේම පිහිටි තවත් වී මෝලකින් තම්බන ලද වී කෙටීමට ද පුරුදුව සිටියහ. මෙම නිවසේ බිරිඳ ක්‍රියාශීලී ගෙවිලියක් වූ අතර, ඉඳහිට සැමියාගේ සාක්කුවෙන් රහසිගතව කීයක් හෝ මිට මොලවා ගැනීමට සූක්ෂමව ක්‍රියාකළ තැනැත්තියක්ද වූවාය. 
එදින තම්බන ලද වී උරය සහ කැකුළු වී උරය වෙන වෙනම වීමෝල් දෙකට කෙටීමට එකම දවසේ ඔවුහු භාර දුන්හ. වී මෝල් දෙකේම වී කෙටීම සිදු කළේ කාන්තාවන් දෙදෙනෙකු වන අතර, එකී කාන්තාවන් දෙදෙනා සමගම මෙම බිරිඳ ඉඳහිට හදිසියකට මුදල් අතමාරුවක් කර ගැනීමද සිදුකළාය.
එදින සවස අඳුර වැටීගෙන එන වේලාවට සැමියා ගෙට ගොඩ විය. රාත්‍රියේ පිරිත් ගෙදරක පිරිත් ඇසීමට යාමටද තිබෙන බැවින්, වී මෝල් දෙකටම ගොස් සහල් උර දෙකම රැගෙන එන ලෙස බිරිඳ සැමියාට පැවරුවාය. වහාම ක්‍රියාත්මක වූ සැමියා යතුරුපැදිය රැගෙන මිදුලට ගොස් ගමනට සූදානම් වනවාත් සමගම ඔහුට බිරිඳ මෙසේ කීවාය. 
‘‘මේ ඔහේ ළඟ තියෙනවනම් රුපියල් පහළොස් දාහක් වීමෝලේ නංගිට දෙනවාකෝ. දවසක් හදිසියේ අතමාරුවක් කරගත්තා”‍යැයි පවසා   ඇය කඩිනමින් ගෙතුළට ගියාය. 
සැමියා නිවස ආසන්නයේ තිබූ වීමෝලට නොගොසින් පළමුව තරමක් දුරින් තිබූ වී මෝලට ගියේය. කොටා තිබූ සහල් උරය රැගෙන යතුරු පැදියේ තබාගෙන වී මෝලේ නංගිට බිරිඳ දුන් බව පවසා රුපියල් පහළොස් දහසක් දුන්නේය. එවිට ඇය පුදුමයෙන් “ඇයි අයියේ මට මේ සල්ලි දෙන්නේ. මොකක්ද හේතුව?” යැයි ඇසුවාය. “ඒව මං දන්නෙ නෑ. මේන් මේ සල්ලි නංගිට දෙන්න කිව්වා”‍ යැයි උත්තර දුන් සැමියා යතුරු පැදිය පණ ගන්වා එතැනින් පිටවිය. 


පසුව නිවස ආසන්නයේ තිබූ වීමෝලට ගොස් කොටා තිබූ සහල් උරය රැගෙන නිවසට පැමිණ කඩිමුඩියේ ඇඟ සෝදාගෙන බිරිඳ සමග ඔහු පිරිත් ගෙදර පිරිත් ඇසීමට පිටත් විය.
දින දෙකකට පසු නිවස ආසන්නයේ වීමෝල් හිමිකාරිය මෙම බිරිඳට දුරකථන ඇමතුමක් දී මෙසේ විමසුවාය. 
“අක්කා ඔයා සල්ලි ගන්න කොටනම් කිව්වේ දවසින් ආපහු දෙනවා කියලා නේද? කෝ තාමත් මගේ සල්ලි දුන්නේ නෑනේ. අපි අවුරුදු කන්නේ නැද්ද?” යනුවෙන් තරමක් සැරෙන් පවසා දුරකථනය විසන්ධි කළාය. බිරිඳට දෙලොව රත්විය. සැමියා ගෙදර නොසිටි බැවින් වහාම සැමියාට දුරකථනයෙන් කතාකොට රුපියල් පහළොස් දහස දුන්නේ කාටදැයි විමසීමෙන් පසුව සැමියාගේ මෝඩකම අවබෝධ කරගෙන ඔහුට නොසෑහෙන්න දෙහි කැපුවාය. ඇය සැමියාට හොරෙන් සඟවාගෙන සිටි මුදල්වලින් රුපියල් පහළොස් දහසක් වහාම නිවස ආසන්නයේ මෝල් හිමි කාන්තාවට දී ඇඟ බේරා ගැනීමට ඇයට සිදුවිය.
සැමියා නිවසට පැමිණි පසු කනේ ඇඟිලි ගසා ගැනීමට සුදුසු වචන වට්ටෝරුවකින් ඔහුට දමා ගැසුවත්, රුපියල් පහළොස් දහස සැමියාගෙන් ලබා ගත් අනෙක් වී මෝලේ කාන්තාව තවමත් එම රුපියල් පහළොස් දහස ආපසු ඔවුන්ට ලබා දී නැතිලු‍.
“මෝඩ මිනිස්සුත් එක්ක හිටියාම මෝඩකමත් බෝවෙනවා වෙන්ඩ ඇති. අනේ මං වාගේ මෝඩියක්. හංගාගෙන හිටපු රුපියල් පහළොස් දහසක් වතුරේ.”‍යැයි සිතමින් බිරිඳ උදේ හවස ළත වෙන බවට ආරංචියි.



අදහස් (0)

“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site