 සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යාමේදී සීනි වෙනුවට සිමෙන්ති කිලෝ දෙකක් රැගෙන ගිය අපූරු කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ලස්සන ගම්මානයකින් වාර්තා වේ.
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යාමේදී සීනි වෙනුවට සිමෙන්ති කිලෝ දෙකක් රැගෙන ගිය අපූරු කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ලස්සන ගම්මානයකින් වාර්තා වේ.
කාන්තාවගේ සැමියා වඩු මහතෙකු වන අතර ප්‍රදේශයේ ජනතාව අතරත් ජනප්‍රිය තරුණයෙක් ද වේ. වඩු කර්මාන්තයට අමතරව පෙදරේරු කර්මාන්තය පිළිබඳව ද හසල දැනුමකින් සමන්විත ඔහු විවාහ වී සිටින්නේ රජයේ සාම රාජකාරියක යෙදෙන කඩිසර කාන්තාවක සමග වන අතර ඇය ද රාජකාරිය දේවකාරියක් ලෙස ඉටු කළාය.
නිවසේ නාන කාමරයේ ඇති අලුත් වැඩියාවක් සඳහා සිමෙන්ති කිලෝ දෙකක් රැගෙන ඒම සඳහා ඔහු බිරියගේ ස්කූටරය ද රැගෙන පිටත්ව ගියේය. සැමියා පිටව ගිය පසු ඔහුට දුරකථන ඇමතුමක් ලබාදුන් බිරිය යෙහෙළියකගේ නිවසට යාම සඳහා සීනි කිලෝ දෙකක් සමග තවත් මොනවා හෝ රැගෙන එන ලෙස පැවසුවාය.
සීනි කිලෝ දෙකක් ගෙන එය කළු පැහැයෙන් යුතු ඉටි බෑගයක දමා ස්කුටරයේ පෙට්ටිය තුළට දැම්මේය.  නිවසට යන අතරමගදී කඩයක් අසල නතර කර සීනි කිලෝ ග්‍රෑම් දෙකක් සහ විස්කෝතු පෙට්ටියක් ද මිල දී ගෙන එය ද කලුපාට බෑගයක දමා යතුරු පැදියේ එල්ලා ගෙන සැමියා ගෙදර ගියේය.
සැමියා ගෙදර පැමිණ සීනි සහ විස්කෝතු සහිත බෑගය කුස්සියේ මේසය උඩින් තැබුවාය. බිරිය යතුරු පැදියේ ඇති පෙට්ටිය විවෘත කර බැලූ අතර එහි දමා තිබු බෑගයට ගෙදර තිබූ කෙසෙල් ඇවරියක් ද කලබලයෙන් දමාගෙන ලොකු පුතා ද ස්කූටියේ නංවාගෙන යෙහෙළියගේ ගෙදර ගියාය. නාන කාමරයේ අලුත්වැඩියාව සඳහා රැගෙන විත් තිබූ සිමෙන්ති කිලෝ දෙක ගැනීම සඳහා දින දෙකකට පමණ පසු සැමියා ස්කූටියේ පෙට්ටිය විවෘත කර බැලුවේය. එහි සිමෙන්ති ටික නොමැති නිසා බිරියගෙන් ඒ පිළිබඳව විමසුවේය.
ස්කූටියේ තිබුණේ සීනි නොවේදැයි පෙරළා සැමියාගෙන් ප්‍රශ්න කරමින් ඒ බෑගය යෙහෙළියගේ ගෙදර ගෙන ගිය බව පැවසුවාය. සීනි වෙනුවට සිමෙන්ති රැගෙන ගොස් ඇති බව පැවසීමත් සමග බිරියගේ දෙලොවම රත්විය. ක්ෂණිකව යෙහෙළියට ඇමතුමක් ගත් අතර සිදුවීම ඇය පැහැදිලි කළාය. යෙහෙළිය එම පාර්සලය වෙනත් මිතුරෙකුගේ නිවසට රැගෙන ගොස් තිබූණි. පාර්සලය අතින් අත ගොස් නිවෙස් කීපයකට රැගෙන ගොස් තිබූ අතර දැඩි වෙහෙසක් දරා එය සොයාගත් අතර කටකාර යෙහෙළිය විසින් කතාව කාර්යාලයේ සෙසු මිතුරියන් කිහිප දෙනෙකුට පැවසීම නිසා සිද්ධිය කාර්යාලය පුරාම ආරංචිය පැතිර ගිය අතර යෙහෙළියන් අවුරුදු නෑගම් පිළිබඳව ඇමතුම් ලබාදීම නිසා දුරකතනය ක්‍රියාවිරහිත කර තැබීමට ඇයට සිදු වූ බව ද පැවසේ.
රක්වාන ඩබ්.ඒ. සිරිසේන
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නෑගම් යද්දී පාර්සලය මාරුවී දෙලෝ රත්වෙලා