IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නිකම් දෙන්න ගැසූ කැලැන්ඩරයට 10 ක් අයකරලා

නව වසර සඳහා කැලැන්ඩරයක් නොලද අයෙකු තමා දිනපතා ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා වෙළෙඳසලට පැමිණියේය. “බිත්තර කීයදැයි” ඔහු සේවකයකුගෙන් විමසූ අතර, “එකක් දහ තුනයි” සේවකයා පැවැසීය. “මට බිත්තර දහයක් දෙන්න” පාරිභෝගිකයා කීය. 

බිත්තර දහය ලබාගත් හෙතෙම රුපියල් එකසිය පනහක් දෙන ගමන් “කැලැන්ඩරයක් නැද්දැයි” විමසීය.

“ඉන්න දෙන්නම්” පැවැසූ සේවකයා කැලැන්ඩරයක් දුන්නේ, “මේක අපේ කඩෙන් ගැහුවේ” යැයි උජාරුවෙන් පවසමිනි. ඉතිරි මුදල්ද රුපියල් දහයක් ලැබිණි. පාරිභෝගිකයා සේවකයා අමතා “බිත්තර දහයට රුපියල් එකසිය තිහයිනේ. මොකද රුපියල් එකසිය හතළිහක් ගත්තේ” යනුවෙන් විමසීය.

“කැලැන්ඩරේට වියදම් කළ සල්ලි ටිකක් හරි අඩුවෙන නිසා මුදලාලි කිව්වා කැලැන්ඩරයක් ඉල්ලන අයගෙන් රුපියල් දහය ගානේ අරන් දෙන්න කියලා.” සේවකයා කීවේ ඇඟට පතට නොදැනීය.

පාරිභෝගිකයා මිතුරෙකුට කැලැන්ඩරේ පෙන්වමින් “කඬේ නම ගෙදර ප්‍රදර්ශනය කරන්න රුපියල් දහයකුත් ගෙවන්න ඕනැ. අන්න මාර්කටින්” යනුවෙන් පැවැසීය. 
ක්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (0)

නිකම් දෙන්න ගැසූ කැලැන්ඩරයට 10 ක් අයකරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site