(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නැකතට ලිප ගිනි මොලවා කිරිබත හදන්නට සූදානම්ව ඇඳේ ඇලවුණු කාන්තාවකට නින්දට යාමෙන් දරුමල්ලන්ට කුසගින්නේ සිටීමට සිදුවූ පුවතක් මීරිගම පෙදෙසින් වාර්තා වේ.
නැකතට කිරිබත හදන්නට සූදානම්ව සිටි මවක ඒ සඳහා අඩුම කුඩම එකතු කළේ පස්වරුවේ සිටමය. දරු මල්ලන් කෑමට යමක් ඉල්ලුවත් නැකත උදාවනතුරු බලා සිටින්නට සිදුවූයේ මව නැකත් කෙරෙහි දැක්වූ දැඩි විශ්වාසය නිසාය. වේලාව උදාවිය. ලිප ගිනි මෙලවූ කාන්තාව කේතලේ ලිපේ තබා හාල් ගැරීමට ගියාය. දහවල් සිට වෙහෙස මහන්සි වී සිටීමත් වෙනදා නින්දට යන වේලාව පසුවීමත් හේතුවෙන් ඇයට හිසේ බර ගතියක් ඇතිවිය. ඇය මොහොතක් ඇඳට ගියේ කේතලයේ වතුර නටන තුරුය.
ඇය අවදි වූයේ පැයක් හමාරක් යාමෙන් පසුවය. ඒ වනවිට ලිප ගිනි නිවී තිබිණි. දරුමල්ලන් වැටුණු වැටුණු තැන නින්දට ගොසිනි. අහර බුදින වේලාව ද පසුවී ගොසිනි. දරුවන් කුසගින්නේ නම් මම කෑමෙන් පලක් නැතැයි සිතූ ඇය පහන් නිවා නින්දට ගියේ අලුයම නැගිට දරුවන් හා තමන් වෙනුවෙන් කිරිබත් උයන අදහසිනි. උදෙන්ම අවදි වූ ඇය දරුවන්ගේ කුසගිනි නිවන්නට කටයුතු කළේ දාරක ප්‍රේමය ඉස්මතු කරගෙනය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නැකතට උයන්න ගිය කිරිබත නින්දට යටවෙලා
sarath kuru Thursday, 16 April 2020 12:14 AM
අතපසුවුනත් මව් සෙනෙහස අගේ කළ යුතුයි.