IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දස ලක්ෂයක වාසනාවට මුලාවී දසදහසක් පාඩු කරගෙන

රුපියල් දස ලක්ෂයක වාසනාවක් තිබෙනවා කියා රුපියල් දහ දහසක් ඊසි කෑස් කරන ලෙසට දුරකතන ඇමතුමක් ලැබී ක්‍රියාත්මක වුණු පුද්ගලයකුට එම ඊසි කෑෂ් කළ මුදල අහිමි වුණු සිද්ධියක් මහවෙල පොලිස් වසමට අයත් කොහොලන්වෙල ගමෙන් වාර්තා විය.


මොහු යුද හමුදාවේ සේවය කරන වඩු කාර්මිකයෙකි. ඔහු පවසන අන්දමට රුපියල් ලක්ෂ 10ක වාසනාවක් තිබෙන බවට දුරකතන ඇමතුමක් ලැබී ඇත. එම වාසනාවන්තයා වීමට අංකයක් සඳහන් කර රුපියල් 10,000ක් ඊසි කෑෂ් කරන ලෙස ද දුරකතන ඇමැතුමෙන් ඔහුට දැනුම් දී තිබේ.


උදාවුණු වාසනාව ලබා ගැනීමේ කලබලයෙන් මේ වගක් කිසිවකුට හෝ පවසන්නේ නැතුව දුරකතන පණිවිඩයෙන් දැනුම් දුන් අන්දමට මොහු රුපියල් 10,000ක් ඊසි කෑෂ් කර තිබේ. පැය කීපයකින් අනතුරුව තවත් රුපියල් 10,000ක් එම අංකයට ඊසී කෑෂ් කරන ලෙස දුරකතන ඇමතුමක් ලැබී ඇත.


මේ ගැන ඔහු තම සහෝදරයකුට දැනුම් දී විමසීමක් ද කර ඇත. පසුව ඒ පිළිබඳව කිසිම සම්බන්ධතාවක් සිදු වී නැත. ඔහු මුලා වී කිසියම් මුදල් වංචාවකට ගොදුරු වී ඇති බව මේ පිළිබඳව විපරම් කරද්දී හෙළි වී මේ ගැන මහවෙල පොලිසියට පැමිණිලි කර ඇත.


මේ පැමිණිල්ල ගැන සඳහන් කරමින් මාතලේ සහකාර පොලිස් අධිකාරි නොයෙල් ජනත් වීරසිංහ මහතා කියා සිටියේ මෙවැනි සංවිධානාත්මක මුදල් වංචා රට පුරා ක්‍රියාත්මක වන බැවින් ජනතාව අවධියෙන් සිටින ලෙසයි. 

(මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)



අදහස් (0)

දස ලක්ෂයක වාසනාවට මුලාවී දසදහසක් පාඩු කරගෙන

පිටබැද්දර ජයා Thursday, 29 September 2016 03:47 AM

මදැයි හමුදාවේ වෙලත් වාසනාව අවාසනාව අඳුනගන්න බැරි වුණානේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site