(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ පස්වරුවේ විවෘත කෙරෙන පෞද්ගලික බෙහෙත් ශාලාවකි. ගැටවරයෝ දෙදෙනෙක් කල්තබාම බේත් ගැනීමට පැමිණ තමාට හිිමි මුල් අංක ලබා ගෙන පසෙක වු බංකුවක වාඩි වී තම ජංගම දුරකථන දෙකේ විද්‍යුත් ක‍්‍රීඩාවක නිරත වූහ.
වෛද්‍යවරයා පැමිණ රෝගීන් පරීක්ෂා කොට අවසන් වන තුරුම ඔවුන්ට ඒ බව දැනුණේ නැත. සියල්ල අවසන් කළ වෛද්‍යවරයා මුල් අංක නොපැමිණීම ගැන සෙවීමට එළියට පැමිණි විට මේ ගැටවරයන්ගේ ජංගම දුරකථන ක‍්‍රීඩාව දුටුවේය.
ඔවුන්ගෙන් පැමිණි හේතුව ඇසූ විට එක් අයකු දුරකථන මූනත දෙසම බලාගෙන ඇසුවේ ‘‘ඩොක්ටර් ආවාද?’’ කියාය.
‘‘මං ඇවිල්ලා කොයි වෙලාවෙද? ලෙඞ්ඩු බලලත් ඉවරයි’’ කී විට කලබල වූ ගැටවරයෝ සිය රෝගය වෛද්‍යවරයාට කීහ. දෙදෙනාටම තිබුණේ බඬේ දැවිල්ල රෝගයකි.
‘‘පුතාල ඔය භූත සෙල්ලම නවත්තලා වෙලාවට කන්න, බොන්න වටපිටාවත් බලා කියා ගන්න. එතකොට ලෙඩ හොඳවේවි.’’ කී වෛද්‍යවරයා ඔවුන්ට බේත් පෙති කීපයක් ද දුන්නේ මුදල් අය නොකරමින්ලූ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දොස්තර ඇවිත් යනතුරු දුරකථනයෙන් ගේම් ගහලා
බුද්ධික Friday, 17 October 2014 08:59 AM
ඇයි ඔය දුරකතන නිසා බස් වලට කෝච්චි වලට යටවෙලා ජීවිත කීයක් නැති උනාද? (නදී)
බමුණු Thursday, 16 October 2014 09:14 AM
"මේක තාක්ෂණයේ වැරැද්ද කියල කවුරුවත් කියල නැති එක පුදුමයි" තක්ෂණයේ වැරැද්ද තමයි . වැඩිපුර සෙල්ලම් කරද්දී හොම්බට එකක් අනින පුළුවන් විදිහට හැදුවනම් මෙහෙම වෙන්නේ නැත. (දිල්)
රුවන් Wednesday, 15 October 2014 06:43 AM
ජංගම දුරකතනය,,පරිගනකය,අන්තර්ජාලය,මිනිසාගේ වැඩ පහසුව සඳහා නිපදවුවාට වෙලාවකට මේ දේවල් නිසා වැඩ අතපසුවෙනවා.(හේ)
සෙනරත් Wednesday, 15 October 2014 07:26 AM
පොඩිලමින්ට ජංගම දුරකථන අරන් නොදිය යුතුයි. මේ වැඩේට පුරුදු වුනාම කිසිම ඉස්කෝලේ වැඩක් කරන්නෙත් නෑ, අවට පරිසරයෙන් ඉගෙන ගන්න පුළුවන් කිසිම දෙයක් ගැන දැනීමක් නෑ. එදිනද අවශ්‍ය කරන කිසිම භාණ්ඩයක මිලක් දන්නෙත් නෑ. මෙයාල වැඩිහිටියෝ උනාම කොහොමද ජීවත් වෙන්නේ ?(හේ)
හසිත් Thursday, 16 October 2014 03:11 AM
මේ තමයි අපේ අලුත් පරම්පරාව (නි)
දිමුතු Wednesday, 15 October 2014 11:45 AM
පොඩි ළමයින්ට ජංගම දුරකථන අරන් නොදිය යුතුයි.(හේ)
විකී Wednesday, 15 October 2014 12:02 PM
මේක තාක්ෂණයේ වැරැද්ද කියල කවුරුවත් කියල නැති එක පුදුමයි. (හේ)
ජයනි Tuesday, 14 October 2014 08:45 PM
අපේ අසල්වැසි ගැහැණු ළමයෙකුටත් ජංගම දුරකතන ගේම් නිසා මේ විදියේ වැඩක් වුණා. නුගේගොඩට ඇඳුම් ගන්න ගිහින් ගෙදර යන්න ඊළඟ බස් එක ගන්න රාජගිරියෙන් බහින්න ඕනෑ එකේ කොටහේනටම ගිහින්. (නි)
අජිත් Wednesday, 15 October 2014 01:45 PM
මම නම් දකින විදියට දෙමව්පියන්ගේ වරද. මොකද, මීට වැඩිය ළමයි ගැන සොයලා බලන්න ඕනෑ. තරවටු කරන්න ඕනෑ. කොටින්ම කියනවා නම් පස්සෙන්ම ඉන්න ඕනෑ අද කාලේ ළමයි සමඟ. ඒකට අපේ කාලේ, මතක් වෙනකොටත් හරිම සුන්දරයි. (නි)
රෙජි-සිඩ්නි Wednesday, 15 October 2014 02:01 AM
ඕවාට පුරුදුවුණ අයට කන්න බොන්න වෙලාවක් නැහැ. ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද, මොනවාද කරන්න ආවේ කිසිම දෙයක් හිතේ නැහැ. මෙලොව සිහියක් නැති අය වාගේ වැඩකරන්නේ. (නි)
පිටිගල Wednesday, 15 October 2014 02:06 AM
ලංකාවේ හැමතැනම ළමයි පාරේ යන්නේ පාර දිහා බලාගෙන නෙමෙයි. අවුරුද්දකට පස්සේ පාරේදී මූහුණට මුණ ගැසුනත් කතා නොකර යන තරුණ ළමයි පාරේදී අම්මා තාත්තා මුණ ගැසුනත් දන්නේ නැහැ. හිතයි නෙතයි දෙකම ජංගම දුරකතනයේ. ඇඟේ හැපුනම සොරි කියනවා. හැපුනේ හරකෙක්ගේ ඇඟේද කියලවත් බලන්නේ නැහැ. (නි)
මිනිපෙ Wednesday, 15 October 2014 04:46 PM
මෙයට ප්‍රදාන හේතුව වන්නේ ඇබ්බැහි වීමයි.කැසිනෝ සෙල්ලමයි මේ සෙල්ලමයි වෙනස,මුදල් පමණි. (අ)
චමින්ද Wednesday, 15 October 2014 07:13 PM
අපිත් ඔය වගේම තමයි, ලංකාදීප එසැණ පිටුවට ඇවිල්ලා වාඩිවුණහම පැය ගානකට නැඟිටින්නේ නැහැ. (නි)
උපුල් Sunday, 19 October 2014 10:59 AM
දැන් ඉන්න තරුණ පරපුර ගොඩක් අය ගේම් වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා. නමුත් ජංගම දුරකතනයේ තියෙන පහසුකම් ගත්තම අපේ දවස පහසු කරනවා. ඊමේල් බලන්න, වැඩ සැලසුම් කරන්න, ඩයරියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම කරන්න බැරි කෝල් එකක් ගන්න එක විතරයි. (නදී)
ඩික්සන් Wednesday, 15 October 2014 03:22 AM
ඔය වයසේ වැරැද්ද... (නි)
පුෂ්පකුමාර Wednesday, 15 October 2014 09:11 PM
ඒක නේන්නම් පිටිගල මහත්තයෝ මමත් මේ කියන්නේ. ඔබගේ ඇඟේ හැපිලාවත් ඔය කොලු ගැටයට තේරුනේ නැද්ද මේ හැපුනේ කාගේ ඇඟේද කියල. (නි)
තරින්ද්‍ර Sunday, 19 October 2014 11:16 AM
ගේම් ගහන්න ගත්තම මුන්ට බෝම්බයක් පිපිරුණත් ඇහෙන්නේ නැහැනේ (නදී)