(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
දේශපාලන පෙරළිය මැද්දේ බිඳුණු පෙමකට නැවත ආශිර්වාද ලැබීමේ පුවතක් කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තා වේ.

සිද්ධිය සැකවින් මෙසේය.
දේශපාලනය තම ජීවිතය මෙන් කරගත් ඔහුට මේ දිනවල නිවෙසට වී හුදකලාව සිටීමට සිදුවී ඇත්තේ හැට පහ ඉක්ම වූ වයසටත් වඩා පවතින අසනීප තත්ත්වයක් හේතුවෙනි.
රූබර දියණියන් තිදෙනකුගේ පියකු වන ඔහුගේ මද්දුමිය අසල නිවෙසක ත්‍රිරෝද රථ රියැදුරු තරුණයකු සමඟ ඇති කරගෙන තිබූ හාදකමකට ඔහුගෙන් එල්ල වූ බලවත් විරෝධය නිසාම එය බිඳුණු පෙමක් ලෙස කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබුණේ ඔවුන් දෙදෙනාගේ සිත්වලට ද දැඩි වේදනාවක් ගෙන දෙමිනි.
කාලය මෙසේ ගෙවී යද්දී ඉකුත් සිකුරාදා රාත්‍රියේ සිදුවූ හදිස්සි දේශපාලන බල පෙරළිය පිළිබඳව නිවෙසේ හුදකලාව සිටි ඔහුට කනවැකුණ ද ඒ පිළිබඳව නිශ්චිතව යමක් දැක බලාගැනීමට නොහැකි වූයේ නිවෙසේ තිබූ රූපවාහිනිය ද කාර්මික දෝෂයකට ලක්ව අක්‍රිය වී තිබීම නිසාය.
අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අසල්වැසි ත්‍රිරෝද රථ තරුණයා තම නිවෙසේ තිබූ රූපවාහිනිය ඔහුගේ දේශපාලන මනදොළ පිනවීම සඳහා නිවෙසට ගෙනැවිත් දී ඇත්තේ එය නරඹා අවසානයේ නැවත ලබාදෙන ලෙස කළ ඉල්ලීමත් සමඟිනි.
කෙසේ නමුත් නොසිතූ මොහොතක සිදුකළ මේ උපකාරයට ප්‍රතිඋපකාරයක් ලෙසින් ඔහු තම මද්දුමිය සමඟ අදාළ තරුණයා ඇතිකරගෙන තිබූ ප්‍රේම සම්බන්ධයට ආශිර්වාද කර ඉක්මනින්ම අදාළ තරුණයා තම බෑණනුවන් කරගන්නා බවට පවසා ඇත්තේ එම තරුණයා ද තුෂ්ණිම්භූත කරමින් බව වැඩිදුරටත් වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දේශපාලන පෙරැළියෙන් බිඳුණු පෙමකුත් ලියලලා
dilum Thursday, 01 November 2018 10:28 AM
හිටි ගමන් පැත්ත මාරු කලේ ජනාධිපතිගේ සහෝදරයෙක්ද මන්ද?