IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දේශකයාගේ සනුහරේම ඇවිත් කෑම මේසය හිස්කරලා: ආරාධිත අමුත්තන්ට හුළං

කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
වැඩසටහනකට පැමිණි දේශකයාගේ සනුහරේම අනාරාධනයෙන් තේ මේසයට ගොස් බඩ කට පිරෙන්න කෑමෙන් එහි ප්‍රධාන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීමට නොහැකිව සංවිධායකයන් අලි අමාරුවක වැටුණු පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


වැඩසටහන තිබුණේ නගරයේ රැස්වීම් ශාලාවකය. එහි මුල්ම දේශනයට සහභාගි වී සිටියේ නගරයේම අයෙකි. ඔහු ඒ සඳහා පැමිණ සිටියේ සිය සනුහරේම සමගය. දේශනය අවසානයේ දී සංවිධායකයෝ ඔහුට තේ බීමට එන ලෙස ඉල්ලා සිටියේය. සංවිධායකයන් සිතුවේ ඔහු සමග ඇවිත් ඇත්තේ දෙතුන් දෙනකු කියාය.


එහෙත් කට්ටිය විස්සකට විසිපහකට වැඩිය. සංවිධායකයන්ගේ දෙඇස් උඩ ගියේය. ඔවුනට කර කියා ගන්නට කිසිම දෙයක් නොතිබිණ. දේශකයා ඒ වනවිටත් සිය සනුහරේ අය සමග පිළිසඳරේ යෙදෙමින් තේ මේසයම ඉවරකර තිබුණේය.


ආරාධිතයන් විසිපහකට පමණ සූදානම් කොට තිබූ මේ තේ මේසය මුල්ම දේශකයා සහ ඔහුගේ නෑ පරපුර විසින් සහමුලින්ම භුක්ති විඳ තිබුණේ අනෙක් ආරාධිතයන්ට හුළං පමණක් ඉතිරි කරමිනි.


මෙයින් කලබයට පත්වූ සංවිධායකයන් ප්‍රදේශයේ දේශපාලන බලවතා ඇතුළු පිරිසට බිස්කට්වලින් තේ මේසයක් ලෑස්ති කර දුන්නේ දේශකයාගේ අම්ම තාත්තා මෙන්ම සනුහරේටම දෙස් දොවොල් තබමිනි.



අදහස් (0)

දේශකයාගේ සනුහරේම ඇවිත් කෑම මේසය හිස්කරලා: ආරාධිත අමුත්තන්ට හුළං

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site