IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


දුව රටින් ගෙනා ක්‍රීම් ගාපු තැන මාරුවී මව රෝහල් ගෙනිහින්

  • කැලණිය ලාල් එස්. කුමාර

තොල් ආලේපන යැයි සිතා නිය ආලේපන තොල්වල ගා ගත් කාන්කාවක පිළිබඳ ගම්පහ ප්‍රදේශයේ ගම්මානයකින් අසන්නට ලැබුණි.

සිද්ධිය මෙසේය.

මෙම කාන්තාවගේ දියණිය වසර කීපයක් විදේශ රැකියාවක නිරතව සිට පසුගියදා මෙරටට පැමිණියාය. ඇය එරටින් ගෙනා ඇඳුම් පැළඳුම් තම පවුලේ අයට බෙදා දුන්නාය. මෙයින් මහත් උජාරුවට පත්වූ ඇයගේ මව පසුදින උදෑසනම දුව දුන් ගවුමක් ඇඳගෙන අසල්වැසි නිවසකට පම්පෝරි ගැසීමට ගියාය.

මේ බලපන් දුව ගෙනත් දුන්න ගවුම, හොඳද සෙන්ට් එක සුවඳයිද කියපන්කො අක්කේ.......

අනේ හොඳයි අසල්වැසි කාන්තාව පැවසුවාය.

එය අසා නිවස තුළ සිටි දියණිය කාමරයෙන් එළියට විත් මෙසේ ඇසුවාය.  

‘‘ගවුම නම් ලස්නයි සෙන්ට් එකත් සුවඳයි...... ඒත්.... නියපොතුවලට ගාන ඒවා තොල් රතු කරන ඒවා …...........ගෙනල්ලා නැද්දැයි විමසුවාය.

‘‘මොකෝ නැත්තේ දුව ඒවා පෙට්ටි ගණන් ගෙනාවේ තවම  අස් කළේ නැහැ.’’ යැයි මහත් උජාරුවෙන් කාන්තාව පැවසුවාය.

මෙසේ පවසා නිවසට ගිය ඇය තොල්වල, නියපොතුවල ගාන ඒවා ගෙනාවේ නැද්දැයි දියණියගෙන් විමසුවාය.

‘‘ඒවා ඉතින් හැමවෙලාවෙම ගාන්නේ නැහැනේ. අම්මේ.’’ ‘‘ගමනක් යනකොට මම දෙන්නම්’’ යැයි දියණිය පැවසුවාය. 

පසුදින දියණිය ගමනක් යාමට සැරසුනාය. දුවගේ කාමරයට ගොස් දුව  හැඩ වැඩ වෙන අයුරු මව බලා සිටියාය.

දුව ගමන පිටත්වූ  පසු අලුත් ගවුමක් ඇඳගත් මව දුවගේ කාමරයට ගොස් ක්‍රීම්, සෙන්ට්, නිය හා තොල් ආලේපනද අතට ගෙන ඇඟ ගල්වා ගෙන පෙරදා ගිය නිවසට ගොඩවූවාය. අසල්වැසි කාන්තාව සිටි අතර දියණිය නොසිටි බැවින් ගිය වැඩේ හරි නොයන බව තේරුම් ගත්තාය. එහෙයින් පැයකට ආසන්න කාලයක් එම නිවසේ ගත කළාය. ඒ වනවිට ඇයගේ තොල්වල අමුත්තක් දැනුණත් ඇය මීට පෙර තොල් ආලේපන ගල්වා නැති නිසාවෙන් එය ඉවසා සිටියාය.

අසල්වැසි නිවසේ දියණිය පැමිණීමත් සමගම ‘‘ඇන්ටි මොකද ඔයාගේ තොල්’’ඉදිමිලා’’ යැයි විමසුවාය.

‘‘මම දුව ගෙනා පාට වර්ග තොල්වල ගෑවානේ ඒ නිසා වෙන්නැති’’

‘‘එහෙම වෙන්න බැහැනේ’’ තොල් ඉදිමිලා’’ නැවතත් ඇය පැවසුවාය.

සියල්ල ඉවසා සිටි එම කාන්තාව තම නිවසට ගිය අතර එවිට තම දියණිය නිවසේ සිටි අතර ‘‘මොකද අම්මේ ඔය තොල්වලට කරගත්තේ. තොල් ඉදිමිලානේ.’’

‘‘අර එකීලට පෙන්නන්න එක්ක තොල් ආලේපන ගාගෙන ක්‍රීම් සෙන්ට් ගාගෙන මම ගියා.’’ ඕව ඉතිං පුරුදු වෙන්නත් එක්ක ටිකක් ගා ගත්තා යැයි මව කීවාය. 

තොල් ආලේපන කියා නිය ආලේපන තොල්වල ගාගෙන ඇති බව දියණියට වැටහුණි.  

නිය ආලේපන ඉවත් කරන ද්‍රව්‍යයක් යොදා වර්ණ ඉවත්  කිරීමටද දියණිය කටයුතු කළ අතර තොල් ඉදිමුවට ප්‍රතිකාර ලබාදීමට ඇය රෝහලට රැගෙන යාමට ත්‍රිරෝද රථයට ගොඩවන අයුරු දැක අසල්වැසි දියණිය ඒ අසලට පැමිණියාය.

පැය කිහිපයක් ගතවෙද්දී සිද්ධිය අවට නිවැසියන් දැන ගත්තාය.

‘‘ඇන්ටි තොල් රතු කර ගමුදැයි’’එම කාන්තාවගෙන් ඇසූ විට හොඳ ඒවායින් අසාගන්නට හැකිලු. 

 



අදහස් (0)

දුව රටින් ගෙනා ක්‍රීම් ගාපු තැන මාරුවී මව රෝහල් ගෙනිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site