(මොරගොල්ලාගම සිසිර කැලේගම)
නිවසක කපරාරුවට ගිය පෙදරේරුවන් පිරිසක් කපරාරුව පසෙක තබා නිවසේ කතගෙන් බේරීමට සිමෙන්ති නාගෙන දිව යාමේ පුවතක් යාපහුව අවට ගමකින් අසන්නට ලැබුණි.
පෙදරේරුවන් කණ්ඩායම මෙම නිවස කපරාරු කිරීමට ගොස් ඇත්තේ කුලී පදනමට නිවසේ කතකගේ ඇරයුමකට අනුවය. එම නිවස දේවාලයක් පවත්වාගෙන යන ස්ථානයකි.
එදින කෙම්මුර දිනයක් වුවත් එහි සිදුකරන අලුත් වැඩියාවන් නිසා දේවාලයේ වැඩ තාවකාලිකව නවතා තිබුණි. දේවාලයේ සාස්තර කියන්නේ ද නිවසේම සිටින විවාහක කාන්තාවකි. ඔවුනට ඇරයුම් කර ඇත්තේ ද ඇය විසිනි.
බාස්ලා වැඩ කරන නිසා ආගන්තුක සත්කාර පවා කරමින් ඇය ඔවුන්ගේ ඇසුරේ ලෙන්ගතුව සිටියාය.
යාබද නිවසක තරුණයකු තම කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක කළේ ඔය අතරවාරයේ ය. ඒ ශබ්දය අවට පුරා දෝංකාර දුන්නේ ය. ඒ හඬ දේවාල භූමියට ඉතා හොඳින් ඇසෙන්නට විය.
එම හඬ අතරේ දෝංකාර දෙන්නේ සත් පත්තිනි දේව කන්නලව්වකි.
නිවස තුළ සිටි කාන්තාව ඒ ශබ්දය ඇසීමෙන් දිෂ්ඨි වූවාය. වෙනත් දිනවල ඇයට දිෂ්ඨිය ගෙන ඒමට දුම්මළ අල්ලා යහන් කවි කියා උඩැක්කි පවා ශබ්ද කළ යුතුය.
මෙදින ඇය ආවතේව කිසිත් නොමැතිව දේව ඇඳුම් ද, ආබරණ ද නැතිවම දිෂ්ඨියෙන් දේවාලයට ආරූඪව දිව ගියාය.
ඇය දිව යාම හේතුවෙන් සකසා තිබු බදාම හා සිමෙන්ති කොළපු විසිරී යාමෙන් අවට සිටි බාස්ලාගේ හිසේ පවා ඒවා තැවරුණි.
ඇය අමුතු බසකින් බාස්ලා ඇතුළු සේවක පිරිස අමතන්නට ඒ දෙසට ළඟා වූවාය. ඔවුන් දේව භාෂාව දන්නේ ද නැත. දේව මාතාව මෙල්ල කිරීමට දන්නේ ද නැත. එන පොට හොඳ නැති බව වටහා ගත් බාස්ලා කළ යුතු කාර්යය ද පසෙක තබා වැඩ කරන්න ඇදගෙන සිටි ඇඳුමෙන්ම පණ එපා කියා එතැනින් පලා ගියේ ඔවුන් රැගෙන ගිය බඩු මුට්ටු ද එහි තිබියදී ය.
ඔවුන් නිවෙස් කරා දිව යන අයුරු දුටු අවට වැසියෝ ඔවුන්ට කරදරයක් බව වටහා ගෙන ඒ පසුපස දුවන්නට වූහ.
සිද්ධිය වටහා ගත් තවත් පිරිසක් අවට දේව කන්නල්ව්ව ඇසෙන්නට සලසා ඇති නිවසට ගොස් එය නවතා දැමුහ.
මේ නිසා ඇයගේ ආරූඨය ද නැවතුණු නමුත් බාස්ලා ආවතේව කරුවන් ගෙනැවිත් ඔවුන්ගේ රැකවරණය මැද පසුව ස්ථානයට ගොස් ඇතත් ඒ වනවිට කපාරුරුවට සුදානම් කර තිබු බදාම හා සිමෙන්ති කොළපු යළි වැඩකට ගත නොහැකි ලෙසට ගල් වී තිබුණාලු.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
854
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
දේව මාතාව දිෂ්ටි වී කපරාරුවට ආ බාස්ලා හතර අතේ දුවලා