IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දුව පෙම්වතාට ගෙනා උපන්දින තෑග්ග මව හිඟන්නකුට දීලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
සිය පෙම්වතාගේ උපන් දිනයට දීමට තරුණියක නිවසට ගෙනා කමිසය ඇගේ මව විසින් කෑගල්ල නගරයේ යාචකයෙකුට දී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ගමක පදිංචි 24 හැවිරිදි තරුණියක් කෑගල්ලේම ඇගළුම්  කම්හලක සේවය කරන්නීය. ඇය වසර දෙකක පමණ කාලයක සිට එකී ඇඟළුම් ආයතනයේ රියදුරු රැකියාවක් කරන 27 හැවිරිදි තරුණයකු සමග සම්බන්ධකමක් ද පවත්වා ගෙන යන්නීය. 


මේ සම්බන්ධතාව පිළිබඳ තරුණියගේ මව්පියෝ මීට මාස හතකට පමණ ඉහතදී දැන ගෙන දිනක් දියණියගෙන් පෙම්වතා පිළිබඳ විමසූහ. තමන්ට පෙම්වතකු නොමැති බවත් අසත්‍ය තොරතුරු දුන්නේ කවුරුන්දැයි තරුණිය මව්පියන්ගෙන් විමසුවාය. ඒ වන විට මවුපියන් තරුණයා පිළිබඳ තොරතුරු ටිකක් කිහිප දෙනෙකු මාර්ගයෙන් සොයා ගෙන තිබුණි. එම තරුණයා කලින් තරුණියක තම නිවසට රැගෙන ගොස් මාස කිහිපයකට පසුව ඇයට පහරදී එළවා දමා තිබුණි. පසුව ඇය කඩුගන්නාව ප්‍රදේශයේ වෙනත් තරුණයකු සමග පැන ගොස් මේ වන විට පවුල් ජීවිත ගත කරන බවත් ආරංචි වී තිබුණි.


මව්පියන් සියලු කරුණු කාරණා සිය දියණියට පහදා දුන්නද තරුණිය මව්පියන්ගේ අවවාද නොසලකා සම්බන්ධතාව දිගින් දිගටම පවත්වාගෙන ගියාය.


ඉකුත් දිනෙක තරුණයාගේ උපන් දිනය යෙදී තිබුණි. මෙම උපන් දිනයට සිය පෙම්වතාට දීමට තරුණිය රුපියල් 1 750 ක් වටිනා කමිසයක් සහ උපන් දින සුබපැතුම් කාඩ් පතක් වැඩ නිමකර නිවසට පැමිණෙන අවස්ථාවේ දී ගෙනැවිත් මව්පියන්ට හොර රහසේ සිය අල්මාරියේ සඟවා තැබුවාය. පසු දා තරුණිය ඇගළුම් ආයතනයේ රැකියාවට ගිය අවස්ථාවේ දී මව තරුණියගේ අල්මාරිය විවෘත කර බලන අවස්ථාවේ දී කමිසයක් හා උපන් දින සුබ පැතුම් කාඩ් පතක් දැක පුදුමයට පත්වූවාය.


 මව කමිසය හා උපන් දින සුබපැතුම් කාඩ් පත ගෙන තමන්ගේ අල්මාරියේ සැඟවූවාය. තරුණියගේ පෙම්වතාගේ උපන් දිනය ඉකුත් 18 දාට යෙදී තිබුණි. තරුණිය 17 දා වැඩ නිමකර නිවසට පැමිණෙන අවස්ථාවේ දී තරුණයාගේ දුරකථනයට ඇමතුමක් ගෙන හෙට අලුයම තමා මුණගැසීමට ප්‍රධාන මාර්ගයට පැමිණෙන ලෙස දන්වා සිටියාය. තරුණිය 18 දා පාන්දර නැගිට කමිසයයි උපන් දින සුබපැතුම් කාඩ් පතයි සොයා තිබුණි. පසුව කමිසය නොමැති අවස්ථාවේ දී ඒ පිළිබඳ තරුණිය මවගෙන් විමසීමක් කළාය. තමන් අල්මාරිය විවෘත නොකළ බවත් කිසිම දෙයක් නොගත් බවත් පැවසුවාය. තරුණිය පාන්දරම දුරකථනයෙන් සිය පෙම්වතාට කතා කොට අලුයම තමන් මුණගැසීමට නොපැමිණෙන ලෙසත් වෙනත් දිනෙක පැමිණෙන ලෙසත් දැන්වූවාය. තරුණිය හිත් වේදනාවෙන් රැකියාවට පිටත්ව ගියාය.


ඇය රැකියාවට පිටත්ව ගිය අවස්ථාවේ දී තරුණියගේ මව උපන් දින සුබපැතුම් කාඩ් පත ඉරා ළිපට දමා පුළුස්සා කමිසය ගෙන කෑගල්ල නගරයට ගොස් යාචකයකුට දී ඇති බව වාර්තා වෙයි.

 



අදහස් (0)

දුව පෙම්වතාට ගෙනා උපන්දින තෑග්ග මව හිඟන්නකුට දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 144 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 741 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site