IMG-LOGO

දුව ‘පාටකර’ පාසල් එවන්න අම්මා විදුහල්පතිනියගෙන් අවසර ඉල්ලලා

(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පෙනී සිටින තම දියණියට තොල් ආලේප සහ නිය ආලේප කර විදුහලට පැමිණීමට අවසර දෙන්නැයි එම සිසුවියගේ මව පාසලේ විදුහල්පතිනියගෙන් ඉල්ලා ඇති සිද්ධියක් කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තා විදුහලකින් වාර්තා විය.


මෙම සිසුවිය පසුගිය දිනක තොල් සහ නිය ආලේප කරගෙන පාසලට පැමිණ සිටියදී පාසලේ විනය බාර ගුරුතුමිය එම සිසුවිය තම කාමරයට ගෙන්වා තදින් අවවාද කොට වහාම තොල් සහ නියවල ඇති ආලේප සෝදා ඉවත් කරගන්නා ලෙස දැන්වීය.


ඒ අනුව එය සෝදා ඉවත් කර ගත් සිසුවිය නිවසට ගොස් තම මවට මේ සිද්ධිය පැවසීමෙන් පසු මව විදුහල්පතිනියට දුරකතනයෙන් කතාකොට තම දියණියට තොල් සහ නිය ආලේප කරගෙන පාසලට ඒමට අවසර ඉල්ලා ඇත.


එහිදී විදුහල්පතිනිය මව අමතා මෙසේ කීවාය.


මේක රජයේ බාලිකා විදුහලක්. විනය කියන එක විදුහල තුළ අකුරටම රකිනවා. ශිෂ්‍යාවන්ට මෙවැනි ආලේප තවරාගෙන ඒමට අවසර දුන්නොත් පාසලේ ගෞරවයට හා සිසුවියගේ තත්ත්වය පහළ වැටීමක්.


මවක් වශයෙන් ඔබ මේවා ගැන දන්නවාද? නොදන්නවාද? වර්ෂාවකටත් පාසලකට ගිහින් තියෙනවාද යැයි විමසා දුරකතනය විසන්ධි කර ඇති බව පැවැසේ.


එය අසා සිටි තරුණ මව පවසා ඇත්තේ අබුදස්ස කාලේ ලබුත් තිත්තයි කියාය.

 



අදහස් (5)

දුව ‘පාටකර’ පාසල් එවන්න අම්මා විදුහල්පතිනියගෙන් අවසර ඉල්ලලා

රවින් Wednesday, 20 June 2018 11:04 AM

තොල් සහ නිය පාට කිරීම සීතලෙන් මිදීමට සීත රටවල ස්ත්‍රීන් භාවිතා කරන ආලේපන ක්‍රම වේදයක්... එනමුත් එම රටවලද පාසල් ශිෂ්‍යාවන්ට අත්ඇඟිලි තුඩු හා තොල් පාට කරගෙන පාසලට එම විනය විරෝධී ක්‍රියාවක් ලෙස සැලකේ...

:       63       96

PrasaThursday, 21 June 2018 12:21 PM

රවීන් ඔයා කිව්ව කාරණා දෙකම ඔයාගේ හිතළු. අපේ හණමිටි ටික නම් ඉතින් ඔයාට උඩින්ම එකග වෙයි...

:       0       0

rasanThursday, 21 June 2018 12:23 PM

සීතලෙන් බේරෙන්න නියපොතු පාට කරන්නේ !! නිකන් තේරුමක් නැති විකාර කියන්න එපා රවීන්...

:       0       0

geetha Wednesday, 20 June 2018 01:59 PM

අබුද්ධස්සකලේ ලබුත් තිත්තයි කියාගන්න ඕනෑ අම්මාටම තමයි. මොලේ කළඳක් නැහැනේ...

:       45       108

sampath Friday, 22 June 2018 04:20 PM

නිය අලේප කොන්ඩ මෝස්‌තර හා ගවුම් වාටියෙන් ඔබ්බට ගිය විනයකුයි අවශ්‍ය. අවාසනාවට අපි තවමත් ගල් යුගයේ විදියට හිතන්නේ තරුණ ළමයි කවදද ෆැෂන් කරන්නේ ඕව මහා ලොකු කරන දගලන්න දේවල් නෙවි පාසලේ විෂයවත් උගන්වන්න හරියට නොහැකිව අනවශ්‍ය දේවල් හොයා හොයා ප්‍රශ්න හදාගන්නවා විනය කියන්නේ බාහිර පෙනුම නෙවි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 674 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site