(මැදගම - රම්‍යලතා පද්මකුමාරි)
සඳුදා යැයි සිතා සිකුරාදා සතිපොළට ගොස් පොලිසියට කොටුවූ පුවතක් මැදගම ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මැදගම ප‍්‍රදේශයේ ගමක පුද්ගලයකු පසුගිය දිනක පිංකම් ගෙදරකට සහභාගි වී පාන්දර එකට පමණ තම නිවසට පැමිණෙන්නේ රාබී හොඳට සප්පායම් වෙමිනි. නිවස ඉදිරිපිට පරළු ඔතා තිබූ ඇම්බුම් කෙසෙල් කැන ඔහුගේ නෙත ගැටුණේ එවිටය. තම මව වන්දනා ගමනක් යාමට සූදානම් වී ඔහුට කෙසෙල් කැන සතිපොළට ගෙන යාමට පැවසූ අයුරු සිහිවූ ඔහු එකවරම කෙසෙල් කැන කපා තම යතුරුපැදියේ බැඳගෙන සතිපොළට යාමට පිටත් විය.
සතිපොළට ගොස් මිනිසුන් කිසිවකුත් නොමැති නිසා ඔහු නැවත යතුරුපැදියට නැග තම නිවස බලා පිටත්වීමට සූදානම් විය. මොහුගේ හැසිරීම පිළිබඳ සැක මතුවූ රාත‍්‍රි මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් මොහු අත්අඩංගුවට ගන්නා ලදී.
හොඳට මත්වී සිටි ඔහුට අද සඳුදා නොව සිකුරාදා බව සිහිපත් වූයේ වෙරි මත ඇරී තමා ඉන්නෙ පොලිස් කූඩුවේ බව පසක් වීමෙනි.
2025 ඔක්තෝබර් මස 08
1518
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දවස පටලැවී පොලිස් කූඩුවෙත් ලගින්න වෙලා