IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දවස තිස්සේම බීලා ඉන්නවාට පොලිසියෙන් මතක හිටින දඬුවමක්

(මතුගම බන්දු තඹවිට)

බීමත්ව තම බිරියට පහර දී නිවසේ මුළුතැන්ගේ උපකරණ සහ ශීතකරණය ඇතුළු උපකරණ ගිනි තැබූ තදින්ම බීමට ඇබ්බැහිවූ අයකුට වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයා පසුගියදා අපූරු දඬුවමක් ලබාදුන්නේය.

වසර ගණනාවක සිට තදින්ම බීමට ඇබ්බැහි වූ මෙම පුද්ගලයා දරුවන් තිදෙනකුගේ පියෙකු වන අතර දවස පුරා බීමතින් සිටීම නිසා බිරිය දරු පවුල රැක ගන්නේ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරතවෙමින්ය. දවස පුරා තම මිතුරන් සමග එක්ව බීමතින් සිටින මෙම පුද්ගලයා රැකියාව අවසන්ව නිවසට පැමිණෙන බිරිය සමග කළහ කර ගැනීම දිනපතා සිදුකරන අතර එම අවස්ථාවල නිවසේ සිටින දූ දරුවන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී නිවසේ භාණ්ඩවලට අලාභහානි කිරීම සිදුකරන බවත් පසුගියදා ද එසේ කළහ කර නිවසේ මුළුතැන්ගේ උපකරණ සහ ශීතකරණය ඇතුළු භාණ්ඩ සියල්ලට ගිනි තබා විනාශ කළ බවත් සැමියාගේ මෙම ක්‍රියාවන් නිසා තමා ඇතුළු දරුවන්ට නිදහසේ ජීවත් වීමට නොහැකිවී ඇති බවත් එම පුද්ගලයාගේ බිරිය විසින් වැලිපැන්න පොලිසියට පැමිණිලි කර තිබුණි.

ඒ අනුව වැලිපැන්න පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී ස්ථානාධිපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු තදින්ම මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බව තේරුම් ගෙන බිරිය සහ දරුවන් සමග ගැටුම් ඇති කර නොගෙන මත්පැන් පානය අතහැර ජීවත් වන ලෙස අවවාද කර පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාර්යාලයේ තැන්පත් කර ඇති බුදු පිළිමය වෙත ගොස් පන්සිල් සමාදන් වන ලෙස දන්වා ඇත. බුදු පිළිමය අභියසට ගිය මෙම පනස් හැවිරිදි පුද්ගලයාට පන්සිල් අමතකව ගොස් ඇති අයුරු පොලිස් ස්ථානාධිපතිවරයාට නිරීක්ෂණය විය.

පන්සිල් අමතකවීමට තරම් බීමතට ඇබ්බැහි වූ මෙම පුද්ගලයාට ශාරීරික දඬුවමක් ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොමැති බැවින් පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.කේ. ගමගේ මහතා අපූරු දඬුවමක් නියම කළේය. එනම් එම පුද්ගලයාගේ 8 හැවිරිදි පාසල් යන දියණියගෙන් පන්සිල් ඉගෙන ගෙන දින කීපයක් සවස 6ට පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයේ තැන්පත් කර ඇති බුදු පිළිමයට මල් පහන් පූජා කරන ලෙස නියම කිරීමය. මේ පාරවත් මේ මිනිහා හැදුනොතින් හොඳ යැයි පවසමින් සැමියාව ද කැඳවාගෙන බිරිය වැලිපැන්න පොලිස් ස්ථානයෙන් පිටව යන අයුරු දක්නට ලැබුණි.



අදහස් (3)

දවස තිස්සේම බීලා ඉන්නවාට පොලිසියෙන් මතක හිටින දඬුවමක්

nadeer Thursday, 25 July 2019 08:43 AM

බොහොම හොඳයි...

:       114       471

himal Thursday, 25 July 2019 04:16 PM

පොලිසියට දඬුවම් දීමේ කිසිදු බලයක් නෑ. මෙතන වුනත් මේ මනුස්සයා යහමගට යොමු වූ බවට වාර්තාවක් නෑනේ.

:       235       470

chandima Friday, 26 July 2019 10:21 PM

බැලූ බැල්මට නම් පොලිස් මහත්තයා වීරයෙක්, කට්ටයට හුරේ දාන්නා නියම වැඩක් කරලා තියෙනවා. නමුත් නීතියට අනුව මේ මනුස්සයා වැරදි කරුවෙක් කරලා සුළු හෝ දඬුවමක් දෙන්න පොලිස් උන්නාන්සේට බලයක් නැහැ. ඔහුව මානසික වෛද්‍ය වරයෙකුට නැතිනම් උපදේශකවරයෙකුට ඉදිරිපත් කිරීම වගේ වැඩ ගොඩක් ඒ නිලධාරීන්ට කරන්න තිබුණා. මොනවා කරන්නද කබාය ඇඳගෙන තරු පටි ගහගෙන උන්නට ඒ වයසක මිනිහට තිබුණු දැනුමම තියෙන කට්ටියනේ වැඩි හරියක් පොලිසියේත් ඉන්නේ. රටේ නීති පද්ධතියක් තිබුණට, පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න බලය තිබුණට එයාලා වැඩ කරන්නේ තවමත් ආදි කාලේ ගම්මුලාදෑනියන් වගේ.

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 300 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site