IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දවසක හොර මඟුලෙන් හෝටලේට රිංගුවාට ලක්ෂ 2 ක කප්පමක්

 

දවසක හඳුනාගැනීමකින් පසු හෝටලයක කාලය ගතකරමින් සිටි අනියම් යුවළකගෙන් රුපියල් ලක්ෂ දෙකක කප්පමක් ගත් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.


හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර හෝටලයේ ගතකර ඇත්තේ හලාවතට නුදුරු ප්‍රදේශ දෙකක විවාහක දරවන් සිටින පුරුෂයකු සහ කාන්තාවකි පොලිස් විමර්ශනවලට අනුව සහ පැමිණිලිකරු ලබාදුන් තොරතුරු වලට අනුව සිද්ධිය මෙසේය.


මෙම පුරුෂයා සහ කාන්තාව හලාවතදී අහම්බෙන් මුණ ගැසීඇත. සුළුකාලයක් ආගිය තොරතුරු කතාකරමින් සිටියදී හොඳින් දන්නා හඳුනන දෙදෙනෙකු සේ කුලුපගව වැඩිදුර තොරතුරු කතා කිරීම සඳහා දෙදෙනාගේම යෝජනා ස්ථීරත්වයෙන් හලාවත ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට ගොස් ඇත. දෙදෙනා මෙසේ හෝටලයේ පෙමින් වෙලී සිටියදී එකවර හෝටලයට කඩාවැදුණු දෙදෙනකු මෙම පිරිමියාට මරණ තර්ජන එල්ලකර මෙම සිද්ධිය ඔහුගේ බිරිඳට දරුවන්ට සහ සමාජයට කියන බව දන්වා  ඇති අතර එසේ නොකිරීමට නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අවශ්‍ය බව පවසා ඇත.

 

ඒ අනුව අනියම් පෙම්වතා සිද්ධිය  ප්‍රසිද්ධ වෙතැයි බියෙන් රුපියල් ලක්ෂ දෙකක කප්පම්කරුවන්ට ලබාදී ඇත. වහා හෝටලයෙන් එලියට පැමිණි  අනියම් පෙම්වතා මෙම සිද්ධිය පිළිබඳව සමීපතමයකුට පැවසීමෙන් අනතුරුව මෙය කුමන්ත්‍රණයක් බවට සැකකර මේ පිළිබඳව පොලීසියට පැමිණිලිකර ඇත.


වහා පරීක්ෂණයක් ඇරඹු පොලිස් කණ්ඩායම මෙම දෙදෙනාත් කාන්තාවත් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා අත මුදල් ඇතිබව කාන්තාව සැලසුම් සහගත ලෙස එම පුද්ගලයන් දෙදෙනා හෝටලයට කැඳවාගන කප්පම ගෙන ඇතිබවට සැකකළ පොලීසිය මෙය ජාවාරමක් ද යන්න සොයා බැලීමටද පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත. 


සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හලාවත පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනවිරත්න එදිරිසිංහ මහතාගේ උපදෙස්මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති අමිල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක දිල්රුක් සහ අදාසූරිය පොලිස් සැරයන් රංජිත් 29727,  සුරසිංහ 21365,  පොලිස් කොස්තාපල් සුසන්ත 53275,  අබේසිංහ 38026,  දේවප්‍රිය 17775 යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න)



අදහස් (0)

දවසක හොර මඟුලෙන් හෝටලේට රිංගුවාට ලක්ෂ 2 ක කප්පමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site