IMG-LOGO

දේවාලේ කපුවයි හොර ගෑනියි කාකි පාටට බයවෙලා

සැමියාට හොරෙන් තහනම් ගසක ගෙඩි කෑමට ගිය කාන්තාවකට සිදුවූ අපූරු අකරතැබ්බයක් පිළිබදව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


  _ගැමි පරිසරයක ලක්ෂණ අඩුවක් නොමැති මෙම ප්‍රදේශයට වසර කිහිපයකට පෙර  නගරයේ ජීවත්වූවා යැයි කියන පවුලක් පදිංචියට පැමිණ තිබේ. එම පවුලේ සැමියා සිහින් සිරුරකට උරුමකම් කියන ඔතෑනි පුද්ගලයකු වන අතර බිරිඳ හැඩිදැඩි සිරුරක් ඇති කටකාර තැනැත්තියකි. ඇය ප්‍රමාණය ඉක්මවා කයිවාරු සහ පම්පෝරි ඇද බෑමට කැමැත්තියක් වීම නිසා  ගමේ කා අතරත් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූවාය.


සැමියා රැකියාව සඳහා දිනපතා නගරයේ සේවා ස්ථානයට යන අතර  බිරිඳ දරුවන් පාසල් රැගෙන යාම සිදුකරන්නීය. ඔවුන්ගේ නිවස අසල දේවාලයක් ඇත. මෙම කාන්තාව නිතර නිතර එම දේවාලයට යාමට පටන් ගෙන ඇති අතර දේවාලයේ සිටියේ කපුමහතා පමණි. කාලය ගතවෙද්දී කාන්තාව දේවාලයටත් කපුමහතා සැමියා නොමැති අවස්ථාවල අසල්වැසි නිවසටත් යාම ඒම සාමාන්‍ය සිරිතක් බවට පත්වී ඇති අතර එයට රැයක් දවාලක් නොවූ බව ප්‍රසිද්ධ රහසක් වී තිබේ.


ළමයින් පාසල් ගිය පසු දිනක් කාන්තාව දේවාලයට ගොස් සිය අනියම් පෙම්වතා සමග පෙම්සුව විඳිමින් සිටින අවස්ථාවේදී ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන පරික්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු සහ මදුරු මර්දන නිලධාරීන් පැමිණ ඇති අතර කිසිවකු පෙනෙන්නට නොසිටීම නිසා කපුමහතාට කතාකර ඇති බව පැවසේ. කපුමහතා දේවාලයේ දොරෙන් එබී බලන විට එළියේ සිටි පිරිස දැකීමෙන් 
කලබලයට පත්ව ඇති අතර දේවාලය තුළ සිටි කාන්තාව එහි තිබූ රතු පැහැති රෙද්දක් පොරවාගෙන කපු මහතා සමග එලියට පැමිණ පොලිසියට ගෙනයන්න එපා යැයි නිලධාරීන් ඉදිරියේ වැඳ වැටී ඇත. එවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමන් පොලිසියෙන් නොවන බවත් තමන් පැමිණයේ ඩෙංගු පරික්ෂාවකට බවත් පවසා පිටව ගොස් ඇති අතර සිද්ධිය වසන් කර ගැනීමට කපුමහතා සහ කාන්තාව කොතෙකුත් උත්සාහ දැරුවද පසුදින වන විට දේවාලයේ ඩෙංගු මදුරුවන් පිළිබඳ කතාව ගම පුරා පැතිර ගොස් තිබුණි.   
(හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන)



අදහස් (0)

දේවාලේ කපුවයි හොර ගෑනියි කාකි පාටට බයවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 216 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 103 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1713 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site