(බළන්ගොඩ විශේෂ වයි.ඒ.එස්. වීරවංශ)
මෙය බළන්ගොඩට නුදුරු ප්‍රදේශයක සිදුවූ අපූරු සිදුවීමකි. දිවා කාලයේ නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනකු විහාරස්ථානයේ බෝධිය ඉදිරිපිට ඇති පිං කැටයට කිසියම් මුදලක් දමමින් පිටත්ව යන්නේ බෝධීන් වහන්සේට වැඳ නමස්කාර කරමිනි.

නැවත එදිනම මධ්‍යම රාත්‍රියේ ඉහත කී නවීන පන්නයේ මෝටර් රථයෙන් පැමිණෙන මේ පුද්ගලයින් දෙදෙනා විහාරස්ථානයේ පිංකැටය අසලට එන්නේ මුදල් දැමීමට නොව එය කඩා මුදල් රැගෙන යාමටය.
පසුදින උදෑසන අවදි වී බෝ මළුව ඇමදීමට විහාරාධිපති හිමියන් එම ස්ථානයට ගිය විට පිංකැටය කඩා ඇති අයුරු දක්නට ලැබිණි. වහාම උන්වහන්සේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කළහ.
කිසියම් ආයුධයක් උපයෝගී කර ගනිමින් මේ පුද්ගලයින් දෙදෙනා පිංකැටය කඩා මුදල් සොරා ගන්නා අයුරු විහාරස්ථානයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියේ සටහන් වී තිබුණි.
මීට පෙර දෙවතාවකදීම විහාරස්ථානයේ පිංකැටය කඩා මුදල් සොරා ගත් නිසා දායක සභාව විසින් සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවි කර තිබුණි. ඒ අනුව සියලු විස්තර එහි සටහන් වී තිබුණ අතර පිංකැටය කඩා මුදල් සොරා ගත්තේ කවුරුන් ද යන්න පහසුවෙන් හඳුනා ගැනීමට හැකි විය.
මේ පිළිබඳව අදාළ පොලිස් ස්ථානයට දැන්වීමෙන් අනතුරුව මෝටර් රථයේ හිමිකරු හා පිංකැටය කැඩූ පුද්ගලයින් දෙදෙනා කවුරුන් ද යන්න හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1586
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දවල්ට පින්කමේ රෑට හොරකමේ දවල් මිගෙල් රෑ දනියෙල් නාඩගම සීසීටීවී කැමරාවේ