IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


දෙවියන් ඉදිරියේ වියපත් පියාගේ දෙනෙතේ කඳුළක්

කතරගම පූජා භූමියට පැමිණි වැඩිහිටි පුද්ගලයකු කපු මහතකු ලවා යාතිකාවක් කරන අතර තම දරුවන්ටද ආශිර්වාද කිරීම නිසා කපු මහතා සමග උරණවීමේ පුවතක් කතරගම පුදබිමෙන් අසන්නට ලැබිණි.


එය මෙසේ සිදුවිය. වයස අවුරුදු 80 ක් පමණ ඉක්ම වූ මෙම වයස්ගත වැඩිහිටියා මහා දේවාලය වැඳ පුදාගෙන පරිවාර දේවාලයකට පැමිණියේ නව වසරේ තමන්ට ආශිර්වාදය ප්‍රාර්ථනා කර කපු මහතකු ලවා යාතිකාවක් කර ගැනීම පිණිසයි.


කපු මහතාට බුලත් කොළයක තබා රුපියල් 20ක් දී තමන්ට යාතිකාවක් කරන ලෙස ඉල්ලා සිටියේය.


කපු මහතා විසින් මෙම වැඩිහිටියා වෙනුවෙන් අපල උපද්‍රවයන් පිළිබඳව කරන දේවල් නිසි අයුරින් ඉටු කර දෙන ලෙස යාතිකාව මගින් දෙවියන් ඉදිරියේ කියන අතර දුවා දරුවන්ද රැක දෙන ලෙස ඉල්ලීමක් කරන ලද අතර වැඩිහිටි පුද්ගලයාට යකා නැග යාතිකාව නවතා දමන්නැයි තර්ජනය කළේය.


යාතිකාව අතර මග නවතා දැමූ කපු මහතා ඇයි දැයි විමසීමේ දී පැවසුවේ අනේ කපු මහත්තයෝ දූ දරුවන් ගැන නම් දෙවියන්ට නෙවෙයි මටත් මතක් කරන්න එපා. ඕකුන් තමයි මාව ගෙදරින් එළියට දැම්මේ. මගේ දේපළ ලියා ගත්තා මගේ ගෑනි මරා ගත්තා මගේ සල්ලි ටික උදුරා ගත්තා. මම දැන් ඉන්නේ මහලු මඩමක” යනුවෙන් පැවසූ වැඩිහිටියා  ඕකුන්ට දෙවියෝ දඬුවම් දෙයි. මට විතරක් ආශිර්වාද කරන්න කපු මහත්තයෝ” කියමින් කඳුළු පිහදා ගනු ලැබුවේ මෙම අවස්ථාවේ දී දේවාලය වැඳ පුදා ගැනීම පිණිස පැමිණි බැතිමතුන් කීප දෙනකුගේද දෑස්වලට කඳුළු එක් කරමිනි.


(කතරගම කේ.ඩී. දේවප්‍රිය)

 



අදහස් (0)

දෙවියන් ඉදිරියේ වියපත් පියාගේ දෙනෙතේ කඳුළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site