(මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගෙවත්තේ වූ කෙසෙල් කැන කැපූ හොරුන්ට අත පය කැඩෙන්නැයි ප්‍රාර්ථනා කර පලි ගහන්න දේවාලයට යන බව දැනගත් කෙසෙල් කැන කැපූ හොරුන් එහි අලාබයට රුපියල් දහසක් නිවෙසට ගෙනවිත් තබා ගිය සිද්ධියක් පිළිබඳව බඩල්ගම ප්‍රදේශයේ දුෂ්කර ගමකින් වාර්තා විය.

දිවයිනේ විවිධ පෙදෙස්වලින් පැමිණි පිරිස් පදිංචි වූ බිමකි. ඔවුන් අතර නානාප්‍රකාර චරිතද වෙති. මීරිගම ප්‍රදේශයෙන් ගිය දරු පවුලක් මෙහි වාසය කරන අතර ගොවිතැන් කටයුතුද සිදුකළහ. කෙසෙල් වගාව ඉන් ප්රමුඛ පෙළේ විය.
සරුවට වැවුණු ඇඹුල් කෙසෙල් කැන කපන්නට තරම් ආසන්නය. හෙට කැන කපා විකුණන්නට පවුලේ පිරිස තීරණය කර තිබිණි. පසුදාට එළි වෙද්දී කෙසෙල් කැන නැත. කිසිවෙකු සොරාගෙන ගොස් බව පෙනී ගියේය.
මාරාවේශ වූ ගෘහණිය ඉවක් බවක් නැතිව බැණවැදුනාය. නම ගිය දේවාලයකට ගොස් පලි ගසා සොරුන්ට දඬුවම් කරන බවට ඇය සපථ කළාය. ඇය මෙසේ පලි ගසන්නට සමත් තැනැත්තියක බවට ගමේ පැතිර තිබූ කටකතා නිසා සොරා බිය විය. එදින රැයේම රුපියල් දහසක් ලියුම් කවරෙක බහා නිවස ඉදිරිපිට එල්ලා තැබුවේ කෙටි ලිපියක්ද සමගය.
යළි මෙවන් සොරකම් නොකරන බවට පොරොන්දුවක්ද සමග මුදල භාරගෙන පලි ගැසීමෙන් වළකින ලෙසට එම ලිපියෙන් ඉල්ලා තිබිණි.
කෙසේ හෝ රුපියල් හත් අටසීයකට විකුණාගත හැකි බවට ගණන් බලා තිබූ කෙසෙල් කැනට රුපියල් දහසක් ලබා ගැනීමට හැකිවීමෙන් ගෘහණිය සතුටට පත්ව සිටින බව දැනගන්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 16
61
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
855
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
දෙවියන්ගෙන් ෂේප් වෙන්න කෙසෙල් හොරා අයිතිකරුට සල්ලි දීලා