(උණවටුන ඩී.ජී.සුගතපාල)
දකුණු පළාතේ ප්‍රධාන නගරයක හෝටලයක පැවැති මංගල උත්සවයකි. මනාලයා දකුණු පළාතේ විදුහල්පතිවරයකුගේ පුතෙකි. අධ්‍යාපනයට සම්බන්ධ ඉහළ පුටු මෙන්ම තවත් ඉහළ තනතුරු රැසක්ද මෙම මංගල උත්සවයට පැමිණ සිටියහ. මධු සමය ගතකර නව යුවල හෝටලයේ උත්සවශාලාවට ළඟා වූයේ සිනහා මුසු මුහුණෙනි.
දෙපාර්ශවයේ නෑදෑයෝ එකිනෙකා හඳුනා ගනිමින් අල්ලාප සල්ලාපයේ යෙදුණ අතර තවත් තැනක මධුවිත ද සූදානම් විය. මධුවිත ද මිල ඉහළ වර්ගයේ ඒවා වූ අතර තරු පන්තියේ නිලධාරීන්ට එක් ස්ථානයක ද අනෙක් නැදෑ මිතුරන්ට තවත් ස්ථානයකද මධුවිත සූදානම් කර තිබිණ.
දිවා ආහාරයෙන් පසුව මංගල උත්සව සභාව ආරම්භ විය. දෙපාර්ශවයම කථිකයෝ මනාලයාගේ සහ පවුලේ අයගේත් මනාලියගේ සහ පවුලේ අයගේත් බල පුළුවන්කාරකම් ගැනද වත් පොහොසත්කම් ගැනද මහත් උජාරුවට කතා කළහ. ඉන් පසුව එළැඹියේ මනාලියගේ පාර්ශවයෙන් ගෙනෙන ලද දෑවැද්ද මනාලයාගේ පාර්ශවට බාර දීමය.
ඒ අනුව ලොරියක ගෙනැවිත් තිබූ ඇඳ පුටු මේස, අල්මාරිය ඇතුළු භාණ්ඩ රැසක් අතර තවත් එක් සුවිශේෂි දෑවැදි භාණ්ඩයක් ද විය. කාගේත් අවධානය යොමු වූයේ ඒ දෙසටය. මනාලියගේ පාර්ශවයෙන් පැමිණි ඥාතියෙක් ලොරියට ගොඩවී ගෑස් සිලින්ඩරයක් ගත්තේය.
මේන්න නියම දෑවැද්ද කියමින් එහි සිටි අයෙක් මහ හඬින් කීවේය. ඕකේ ගෑස් තියෙනවද බලන්න. දැන් කොහේවත් ගෑස් නැහැ. මධුවිත තරමක් වැඩිපුරගෙන සිටි අයෙක් කෑ ගැසුවේය. සියල්ලෝම සිනා සෙන්නට වූහ. එහෙත් මනාලිය මුහුණ ඇඹුල්කරගෙන ඉවත බලා ගත්තේය.
2025 නොවැම්බර් මස 04
48
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1558
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෑවැද්දට ගෑස් සිලින්ඩරයකුත් දීලා