IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


දුවට වැහුණු පෙරේතයා එළවන්න ගිහින් මවට යකා වැහිලා

 (කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම) 
දුවට වැහුණු පෙරේතයා එළවන්න ගෙනා කට්ටඩියා දැක මවට යකා වැහුණු පුවතක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ. 


සිද්ධිය මෙසේය. ඇය කලින් විවාහ වූ කාන්තාවකි. ඇයට එම විවාහයෙන් ලැබුණු දියණියක්ද සිටියි. ඇය සමග විවාහවූ පුද්ගලයා විරසකව ඇයට හොරෙන් ඇය හා දුව හැර දමා වෙනත් කාන්තාවක් සමග පලාගොස් ඇත. ඇය ඔහු නිසා ගැබ්ගෙන සිටි බැවින් ඔහු මගහරින විට ඇය පොලිසියට පැමිණිලි කරන බවට ඔහුට පවසා ඔහු හා විවාහ වූවාය. විවාහ වූ දිනයේ සිට ඇය ගත කළේ සොඳුරු විවාහ දිවියක් නොවේ. ස්ථිර රැකියාවක්ද නොමැති ඔහු කුමන හෝ මගඩියක් කර කීයක් හරි සොයා කෑමට පමණක් යමක් නිවසට ගෙනැවිත් දමයි. කෙසේ වෙතත් ඔහු බීමතින් නිතර පැමිණෙන අතර ඔහුට අනියම් සබඳතා රැසක් ඇති බව ඇයගේ මිතුරියන් වරින් වර ඇයට ප්‍රකාශ කර තිබුණි. 


එහෙත් ඒ සියල්ල ඇය අමතක කර ඔහු සමග අසීරු පවුල් ජීවිතයක් ගෙවූයේ දියණියට පියකු මෙන්ම ඇය ඔහුට ඇති ඉමහත් ආදරය නිසාය. ඔහු ඒ සියල්ල තුට්ටුවකට මායිම් නොකර සල්ලාල ජීවිතය ගත කර පසුව ඇයට හොරෙන් වෙනත් තරුණියක සමග පලා ගියේ ඇයට ඔහු පිළිබඳව කිසිදු ආරංචියක් නොතබමිනි. එහෙත් ඇය ඔහු සොයමින් පොලිසි, දේවාලවල කකුල් ගෙවනතුරු ඇවිද්දාය. ඔහු සොයා බැරිම තැන ඇය සිය දියණියද සමග මව්පියන් වෙත ගියාය. 


පසුගිය දිනකදී ඇයගේ දියණිය අමුතු ලෙස හැසිරෙනු දැක ඇය සිය මව්පියන් සමග ඇය රැගෙන රෝහල් කිහිපයකට ගියත් එම තත්ත්වය රෝගයක් නොවන බවත් ඇය නිරෝගී තරුණියක බවත් රෝහල්වලින් ප්‍රකාශ කර තිබේ. 


ගමේ සිටි වයසක මාමා කෙනෙක් ඉදිරිපත්ව ‘‘ඕක පෙරේත දිස්ටියක්ද කොහෙද, මම දන්න තැනක් තියෙනවා ආරූඪ වෙලා සාත්තර කියන. කිරි ගහට ඇන්නා වගේ හරි’’ යැයි පවසා ඔවුන් එහි කැඳවාගෙන ගොස් ඇත. මවත් දියණියත් දේවාලයට ගොස් සාත්තර ඇසීම ආරම්භ කර ඇති අතර වචන කිහිපයක් කතා කළ ආරූඪ වූ කපුවා මව හා දියණිය දෙසට හැරී ඇත. 


කපුවා ලෙස සිටින්නේ කලකට පෙර තමා හා දියණිය අතරමං කළ පුද්ගලයා බව හැඳිනගත් මව ළඟ තිබූ තිශූලයක් අතට ගනු දුටු කපුවා සිය ආරූඪය කකුල් දෙකට ගෙන දෙවියන්ද පෙරළාගෙන දුවන්නට පටන් ගෙන ඇත්තේ ඔහු පසුපසින්  පන්නන යකා ආරූඪ වූ පැරණි බිරිඳ මතක් කරමිනි. 

 



අදහස් (0)

දුවට වැහුණු පෙරේතයා එළවන්න ගිහින් මවට යකා වැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site