IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


දුවගේ හොරේ අහුවුණාම අම්මාගේ කෙරුවාවත් මාට්ටු

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සටහන් මිටියක් තබාගෙන උසස් පෙළ විභාගය ලියමින් සිටියදී මාට්ටුවූ සිසුවියක ඒ සම්බන්ධයෙන් සිය මවට දුන් දුරකතන ඇමතුමෙන් මුළු විභාග මධ්‍යස්ථානයේම නිලධාරීන් හොල්මන් වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් මේ දිනවල අසන්නට ලැබේ.
දකුණු පළාතේ පාසලක විභාග මධ්‍යස්ථානයකි. විභාගය උසස් පෙළය. එක් ශාලාවක විභාගය ලියමින් සිටි සිසුවියකගේ අමුත්තක් එය නිරීක්ෂණයට සිටි ගුරුවරුන්ට දැක ගත හැකිවිය.
ඒ පිළිබඳව වඩාත් විමසිලිමත් වීමේදී ඇය එදා තිබූ විෂය ප්‍රශ්න පත්තරය ලියමින් සිටියේ ඊට අදාළවූ සටහන් මිටියක් සඟවාගෙනය. මෙය සමාවක් දිය හැකි විභාග වරදක් නොවූ නිසාම ගුරුවරු මෙම සිසුවිය විභාග ශාලාධිපතිට බාර දුන්හ.
මේ සම්බන්ධයෙන් ඔහුට විභාග නීතිය ක්‍රියාත්මක කරනු හැර ඊට වෙනත් විකල්පයක්ද නොවීය. ඒ අනුව මේ සිසුවිය සම්බන්ධයෙන් විභාග නීතිය කඩ කළේ යැයි කියමින් ඊට අදාළ සටහන් දැමීමට අදාළ බලධාරීන්ට සිදුවිය.


මේ අකරතැබ්බයෙන් ලජ්ජාවට පත්වී මෙම සිසුවිය නිවසට යන අතරතුර කිසියම් කරදරයක් වෙතැයි සිතූ විභාග මධ්‍යස්ථානයේ නිලධාරීහු සිසුවිය මව ගෙන්වා බාරදිය යුතු යැයි තීරණය කළහ. ඒ අනුව ඇයට සිය මව ගෙන්වා ගැනීමට දුරකතන ඇමතුමක් ලබා ගැනීම සඳහා ජංගම දුරකතනයක් ලබාදීමට ද කටයුතු සම්පාදනය කෙරිණ.
සිය මවට දුරකතන ඇමතුමක් ගත් මේ සිසුවිය අම්මාට කීවේ “මල සේක ඔක්කෝම කොළ ටික මාට්ටුයි අම්මේ. මාව ගෙදර එක්ක යන්න එන්න..” යැයි කීවේ මේ විභාග නීතිය කඩ කිරීමට ඇයට ඇගේ අම්මා ද අනුබල දී ඇති බව පසක්වීමෙන් ඒ සම්බන්ධයෙන් පුදුම වෙමිනි.

 



අදහස් (2)

දුවගේ හොරේ අහුවුණාම අම්මාගේ කෙරුවාවත් මාට්ටු

කැළුම් ගාල්ලගේ Friday, 02 February 2024 07:01 AM

අම්මෙක් ලමයෙකුට බොරු කරන්න ඉගැන්නුවෙ නෑ ඉස්සර. දැන් රටේ තියෙන කුපාඩි තරඟ කාරීත්වය විසින් අවංකව සිටි කාන්තා පක්ෂයත් ගුණ දහම් නැති තත්වයට පත් කරලා

:       3       31

Joe Shepherd Monday, 12 February 2024 10:12 AM

කාන්තාවෝ අවංකයි? වාව්...!

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 565 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17370 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site