IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දරුවා පාස් කරන්න එපා කියා පියා දෙවියන්ට කියලා

හසලක සුනිල් ඒකනායක


සිය දරුවා පෙනී සිටින විභාගයෙන් පාස් කර නොදෙන්නැයි දෙවියන්ට පවසා සිටින ලෙස දේවාලයක කපු මහතෙකුගෙන් ඉල්ලා සිටි පියකු පිළිබඳ පුවතක් හසලක පොලිස් වසමේ එක් ගම්මානයකින් වාර්තාවිය.
තිස් දෙහැවිරිදි දෙදරු පියකු වන ඔහු ගොවිතැන් බතින් සිය පවුල නඩත්තු කරනු ලබයි. ඔහුගේ වැඩිමල් දියණිය එක්තරා විභාගයකට පෙනී සිටීමට නියමිතය.
එම දියණිය විභාගය සමත් වුවහොත් මවගේ අපේක්ෂාව වන්නේ ඇය නගරයක පිහිටි උසස් පාසලකට ඇතුළත් කිරීමටය. ඒ වෙනුවෙන් ඇය දියණිය දිරිගන්වනවා පමණක් නොව ගමේ දේවාලයට පවා ගොස් දෙවියන් ඉදිරියේද කන්නලව් කරන්නේ තම දියණිය මේ විභාගයෙන් උසස් ලෙස සමත් කරවා දෙන්න දේව කරුණාව ලබාදෙන ලෙසයි. එහෙත් තම දියණිය නගරයේ පාසලකට යවනවා තියා ඇයගේ අධ්‍යාපනයට අවශ්‍ය පොත් පත් පන්ති ගාස්තු පමණක් නොව වෙනත් අවශ්‍යතා සඳහාවත් විය පැහැදමක් කිරීමක් හෝ එයට සහයෝගයක් නොදක්වන්නට තරම් පියා අකාරුණික වී තිබේ. එයට විශේෂ හේතුව බවට පැවසෙන්නේ දරුවා නගරයේ පාසලකට ගියහොත් විශාල මුදලක් ඒ සඳහා වියදම් කිරීමට සිදුවන හෙයින් බවද කියයි.


මෙදින දරුවාගේ මව සැමියාට පැවසුවේ හෙට සවස අසවල් දේවාලයට දරුවත් රැගෙන තමන් යන බවත්, එයට අවශ්‍ය මුදලක් ලබාදෙන ලෙසත්, තමන් එනතුරු තම දෙහැවිරිදි කුඩා පුතා සමඟ නිවසේ රැදි සිටින ලෙසත්ය. මෙය කන වැකුණත් ඔහු එය නෑසුනාසේ සිටියේ ඒ සඳහා ඔහුගේ දැඩි අකමැත්ත නිසාවෙනි. 
පසු දින සවස තම දියණිය සමඟ අදාළ ගමේ දේවාලයට ගිය විට කපු මහතා දරුවාට ආශිර්වාද කර විභාගය උසස් ලෙස සමත් වේවායි ප්‍රාර්ථනයක්ද කළ අතර, මේ දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට පියා දක්වන උනන්දුව ගැන විමසා සිටියේය. ඇය තම සැමියා ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වන බවත්, මැයගේ සමත් වීමට ඔහු අකමැති බවත් ඇය පැවසුවාය.
කිව්වට තරහා ගන්නවත් මෙය මහත්තයාට නොකියන ලෙසත් පැවසු කපු මහතා සඳහන් කළේ, දරුවාගේ පියා අද උදේ දේවාලයට පැමිණ තම දරුවා විභාගයෙන් සමත් නොකර දෙන්නැයි දෙවියන්ට පවසා සිටින ලෙසත් කියා තමන්ට පැවසු බවය. එම ඉල්ලීමට වඩා දරුවකුගේ ඉදිරි ගමනේ අනාගතය තමන් හොඳින් දන්නා හෙයින් එම ඉල්ලීම ඉවත දමා දරුවා විභාගයෙන් සමත් කර දෙන ලෙස තමන් මේ අවස්ථාවේ දෙවියන්ට කන්නලව් කළ බවද කපු මහතා පැවසීය.



අදහස් (0)

දරුවා පාස් කරන්න එපා කියා පියා දෙවියන්ට කියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site