(තිහගොඩ - උපසේන ලියනගම)
දරුවකුගේ රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට දීමට තැත් කළ මුදලක් තවත් දරුවකු අතට ගැනීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ මාතර පැත්තෙනි.
මාතර සිට කොටපොල දක්වා දිවෙන බස් රථය මාතරින් පිටවීමට සූදානම් වත්ම බසයට නැගුණු පියකු තම දියණියගේ බරපතළ රෝගී තත්ත්වය පවසා දැරියගේ ඡායාරූපය සහිත පත්‍රිකාවක් බසයේ වාඩිවී සිටි මගීන්ගේ උකුල මතට දමාගෙන ගියේ ආධාරයක් අපේක්ෂාවෙනි. මවකගේ උකුලේ සිටි කුඩා දරුවකු මේ පත්‍රිකාව රැගෙන පරීක්ෂා කරන විට ඒ සඳහා මව දුන් රුපියල් පනහේ නෝට්ටුවද මිට මොලවා ගත්තේ උජාරුවෙනි.
රෝගී දරුවාගේ පියාට බොහෝ දෙනා පත්‍රිකාව සමග ආපසු මුදල් දුන්නත් මේ දරුවා කවරාකාරයෙන්වත් මුදල් හෝ පත්‍රිකාව දීමට අකමැතිව අතේ ගුලිකර ගත්තේය. දරුවාගේ මව මෙන්ම රෝගී දරුවාගේ පියා ද මෙය ගැනීමට දැඩි වෙහෙසක් ගත්තත් එය සඟවාගත් දරුවා ඇඬීමට සූදානම් වූයෙන් මව අන්දමන්ද විය. අනතුරුව රෝගී දරුවාගේ පියා සිය උත්සාහය අතහැර බසයෙන් බැස ගියේ කීප වරක්ම දරුවා දෙස බලමින්ලු.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවාගේ වැඩෙන් මව හොල්මන්