(කොබෙයිගනේ - නිමල් ප්‍රේමචන්ද්‍ර)
දරුවාගේ ‘ඔන්ලයින්’ පන්තියට සිග්නල් සොයා ගොස් රූමත් විවාහක කාන්තාවක සමඟ අනියම් ඇසුරක් පටන් ගැනීමට අවස්ථාව සලසා ගත් පියකු පිළිබඳ වූ රසවත් පුවතකි මේ.
වර්තාවන්නේ වයඹ පළාතේ එක්තරා ගම්මානයකිනි.
දරුවා නගරයේ පාසලක 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකි. පාසල් වසා ඇති නිසා මේ දිනවල ඔහුගේ පන්ති භාර ගුරුතුමිය ඉගැන්වීම් සිදුකරන්නේ ‘ඔන්ලයින්’ හරහාය.
ඒ සඳහා සුදුසු ජංගම දුරකථනයක් දරුවාට මිලදීගෙන දුන්නද නිවසේ සහ ඒ අවට එම පාඩම්වලට අඛණ්ඩව සම්බන්ධවීමට සිග්නල් නොමැතිවීම මව්පියන්ගේත්, දරුවාගේත් සිත් තැවුලට හේතුවිය. මේ නිසා බොහොමයක් දිනවල දරුවාට ගුරුතුමියගේ පාඩම් අතපසු විය.
මීට සති කිහිපයකට පෙර දරුවා මව්පියන්ට දන්වා සිටියේ යාබද ගමක තම පන්තියේ මිතුරෙකු සිටින බවත් ඔහුගේ නිවෙසට හොඳින් සිග්නල් ඇති නිසා ඔන්ලයින් පාඩම්වලට සම්බන්ධවීමට එහි එන ලෙස මිතුරා තමාට දැන්වූ බවත්ය.
මුලින් දරුවාගේ පියා දරුවාගේ මිතුරාගේ නිවෙසට ඔහු රැගෙන යාමට අකමැති වුවද විභාගයට වැඩි කාලයක් නොමැති නිසාත් බිරිඳගේ පෙරැත්ත කිරීම නිසාත් දරුවා එහි රැගෙන යාමට කැමති විය.
මුල් දින කීපයේ ඉතා අමාරුවෙන් දරුවා එම නිවෙසට රැගෙන ගිය සැමියා පසුව ඉතා කැමැත්තෙන් හා සතුටින් පන්ති පැවැත්වෙන දිනවල දරුවා එහි රැගෙන යාම බිරිඳගේ ද සතුටට හේතු විය. දරුවා ද මිතුරාගේ නිවෙසට ගොස් අධ්‍යාපන කටයුතුවල යෙදුණේ ඉතා උනන්දුවෙනි.
පැය තුන හතරක කාලයක් ඔන්ලයින් පාඩම් ඇති දිනවල ඔහු දරුවා එම නිවසට ඇරලවා යළි තම නිවසට පැමිණ පාඩම් ඉවරවන වේලාවට ගොස් දරුවා කැටුව එයි. පැයක එක හමාරක පමණ කාලයක් පාඩම් ඇති දිනවල ඔහු පාඩම් අවසන් වන තෙක් එම නිවසේම රැඳී සිට දරුවා කැටුව එයි.
පසුගිය දිනක දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලැබුණේ අසල ගමක ජීවත්වන ඔහුගේ සොයුරියගෙනි.
“අක්කේ මම මේ කෝල් එකක් ගත්තේ අයියා ගැන දෙයක් කියන්න. මම දවස් දෙකක්ම දැක්කා අයියා කවුද ලස්සන ගෑනු කෙනෙක් එක්ක ටවුමේ ඉන්නවා. එක දවසක් එළවළු කඩයක් ඉස්සරහා ඉන්නවා දැක්කා. ටිකක් හොයලා බලන්න.”
“නංගි මටත් අයියගේ ලොකු වෙනසක් දවස් කිහිපයක ඉඳලා දැනිලා තියෙනවා. වෙනදා අඳින ඇඳුම් පැලඳුම් ගැන වැඩි සැලකිල්ලක් දකින්නේ නෑ. දැන් ඇඳුම් අඳින්නේ හොඳට අයන් කරලා නීට් එකට. හැමදාම උදේට රැවුල කපන්න අමතක කරන්නේ නෑ. දැන් බුලත්විට කෑමත් නතර කරලා. මේ ළඟදි රුපියල් 1000 දීලා හොඳ සෙන්ට් එකකුත් අරගෙන. අයියා පුතාව එක්කගෙන යනවා පුතාගේ යාළුවකුගෙ ගෙදරට ඔන්ලයින් පන්තිවලට. ඒ යාළුවගේ තාත්තා ඉන්නෙ මැදපෙරදිග රටක.”
සැමියා දරුවා සමඟ පිටත්ව ගොස් පැයකට පමණ පසු ඇය සිය නැගණිය ද සමඟ දරුවාගේ මිතුරාගේ නිවස සොයා ගියේ යතුරුපැදියෙනි.
යතුරුපැදිය නිවසේ ගේට්ටුව ඉදිරිපිට නවතා ඔවුන් දෙදෙනා නිවසට ගියේ පාගමනිනි. නිවස දෙසට ගමන් කරමින් සිටින ඔවුන් දෙදෙනාට දැක ගැනීමට ලැබුණේ නිවස ඉදිරිපිට පුටුවක වාඩි වී කාන්තාවක සිටින අයුරුත් පිරිමියකු කාන්තාවගේ පාදවල තෙල් වර්ගයක් ආලේප කරන අයුරුත්ය.
තෙල් ආලේප කරමින් සිටින්නේ තම ස්වාමිපුරුෂයා බවට හඳුනා ගැනීමට ඇයට වැඩිවෙලාවක් ගත නොවිනි.
“අපි මේ හොරේ අල්ලන්න තමා ආවේ. අද ගෙදර එනවකෝ. අදින් පස්සේ දරුවාට ඔන්ලයින් පන්ති ඕනෑ නෑ. යමුකො ගෙදර හොඳ පාඩමක් උගන්වන්නම්.”
ඇය දරුවා ද කැටුව නැගණිය සමඟ එම ස්ථානයෙන් පිටත්ව ගියේ මහගෙදරට යන බව පවසමිනි.
වෙසක් දන්සල මුවාවෙන් සිය නිවසේ පොල් ප්‍රශ්නය මාසයක් දෙකක් ආවරණය කර ගැනීමට ගොස් කළ සොරකම නිරාවරණය වී අලි අමාරුවක වැටුණු දන්සල් සංවිධායකයකු පිළිබද කතා
අධික තෘෂ්ණාව නිසා නොමිලයේ දෙන සිල් රෙදි කට්ටලය අහිමි කරගත් කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
වෙසක් උත්සවය නිමිත්තෙන් මරණයට කැපවූ ගවයකුට අභයදානය දීමට මුදල් ආධාර එකතු කිරීමට ගිය උපාසක මහතකු යාබද නිවසකට රිංගා කාන්තාවක සමග අනගරැඟුම් පාමින් සිටිය
වැඩිහිටි කතකට ‘ආච්චි‘ යැයි පැවසීම නිසා ත්‍රීරෝද රථයකින් ගෙන ගිය අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්දය නොදී වෙනත් පක්ෂයකට ඡන්දය දීම නිසා හොඳ පරිප්පුවක් කෑමේ පුවත
වටේ පිටේ අය තමන් ගොඩ එ්මට නොහැකි අයුරින් අන්දා ඇති බව දැනගත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකුට යක්ෂාවේශ වී කළ අපූරු ක්‍රියාවක් පි
පළාත් පාලන ඡන්ද සමයේ මනාපය ඉල්ලා ගෙන් ගෙට ගිය අපේක්ෂිකාවක් තම පරණ පෙම්වතෙකුගේ නිවසට ගොස් සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව දකුණේ පිටිසරබද ගමකින් පසුගියදා
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දරුවාගේ ඔන්ලයින්වලින් තාත්තාට පෙම් ලයින් එකක් පෑදිලා