IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දරුවකුගෙ ලෙඩ බලන්න ගියාම හොරෙක් එළියට පැනලා

තම සමීප මිතුරකුගේ දරුවකු හදිසි අනතුරකට මුහුණ පෑ අවස්ථාවක ඔහු හමුවීමට එම නිවෙසට ගිය යහළුවකු මුහුණ පෑ අපූරු සිදුවීමක් පසුගියදා අනාවරණය වූයේ දකුණු පළාතේ ගම්මානයකිනි. 

දරුවාගේ හදිසි අනතුර දැනගත් මිතුරා එම නිවෙසට දුරකතන ඇමතුම් කීපයක් දුන්නත් ප‍්‍රතිචාරයක් නොමැති නිසා තම යතුරුපැදියෙන් කඩිනමින් නිවෙසට ගොස් කතා කළත් නිවෙස තුළ කිසිවෙක් නොවීය. එහෙත් යතුරුපැදියක් නවතා තිබුණත් ඔහු ගේ පසුපසට ගිය විට දොර ඇර ඇති බව දැන යළි කතා කළේය. මොහොතකින් නිවෙස තුළ සිටි කිසිවකු දොරෙන් එළියට පැන යතුරුපැදියට නැග්ගේය.

මේ සොරකු බව වටහා ගත් මිතුරා එම යතුරුපැදියේ අංකය සටහන් කොටගෙන ගෙහිමි මිතුරාට ද දන්වා අංකය පොලිසියට ලබා දුන්නේය. අදාළ පොලිස් ස්ථානය දැන් මේ පිළිබඳව පරීක්‍ෂණ කරයි.



අදහස් (0)

දරුවකුගෙ ලෙඩ බලන්න ගියාම හොරෙක් එළියට පැනලා

පිටබැද්දර ජයා Wednesday, 20 January 2016 11:58 PM

අයියෝ කෝ මේ අපේ කට්ටිය? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 January 2016 12:55 PM

හොරාත් ගෙට පැන්නේ ගෙදර මිනිසුන්ට කරදරයක් වුණ වෙලාවෙමනේ. ඉස්සර අපේ ගමේ හිටියා නමගිය හොරෙක්. කවදාවත් මිනිහා ගමේ ගෙදරකට පැන්නේ නැහැ. දැන් ඉන්න හොරු ළඟ නම් මනුස්සකම ගෑවිලාවත් නැහැ (නි)

:       0       0

වසන්ත Wednesday, 20 January 2016 07:34 AM

ඇති ඔයින් බේරුනා (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 21 January 2016 02:34 AM

ජයෝ, ඔයාගේ ගමේ හිටිය හොරාගේ නම කියන්න බයද? (නි)

:       0       0

හිරාන් Thursday, 21 January 2016 02:52 AM

දැන් දකුණේ දේවල්ම අහලා එපාවෙලා. (නි)

:       0       0

වික්‍රම Thursday, 21 January 2016 03:00 AM

ඉස්සර ජයාටයි මටයි නම් කවදාවත් හොරුන්ගෙන් කරදර වෙලා නැහැ (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 21 January 2016 08:22 PM

ලංකාවේ ඉන්න කාලේ හවසට ෆුට්බෝල් සෙල්ලම් කරලා කට්ටිය එක්ක එකතුවෙලා පිටියේ මැද වාඩිවෙලා අනංමනං කතා කර කර සිටින වෙලාවක හොරෙක්, හොරෙක් කියා බෙරිහන් දෙනවා අපිට ඇසුණා. ඉතින් අපි ඔක්කොම ඒ පැත්තට දුවන්න පටන් ගත්තා. තවත් අය අපි සමඟ එකතුවුණා. ඉතින් පැයක් විතර හෙව්වා. හම්බවුණේ නැහැ. නමුත් පසුව දැනගත්තා හොරාත් අපිට එකතුවෙලා අපි එක්කම දුවලා කියලා (නි)

:       0       0

දුල්මි Wednesday, 20 January 2016 05:14 AM

අම්මෝ යන්තන් ඇති මේ බයිසිකලේ නැගලා පැනලා ගියේ මහිලාවක් කියලා නැහැ. නැති නම් ඉතින් .....! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 866 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site